ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමන් ඒකනායක ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පසුගියදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීමට විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් දැඩි විරෝධය පළ කර තිබුණි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (18) මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.




