The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාව අතිශය ශෝචනීය තත්වයකට වැටිලා - මහාචාර්ය ජී. එල්. පීරිස්

T

The Leader Desk

February 18, 2026 • 10:13 AM

ශ්‍රී ලංකාව අතිශය ශෝචනීය තත්වයකට වැටිලා - මහාචාර්ය ජී. එල්. පීරිස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ගෙන යන අදූරදර්ශි ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්‍ෂයේ පක්‍ෂ සන්ධානගත වීම සඳහා ‘මහජන හඬ සංවිධානය’ පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවැති සාකච්ඡාවට පෙර මහාචාර්ය ජී.
  • මෙරට යුක්තිය පසඳලීම සඳහා විනිශ්චකාරවරු සහ නීතිඥවරු අවශ්‍ය මෙන්ම මෙම දෙපිරිසෙන් එක පාර්ශවයක් නොමැති වුවහොත් යුත්කතිය පසඳලීමේ කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙන බවත් විනිශ්චකාරවරුන්ට සිතේ භයක් නොමැතිව ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමේ හැකියාව නැති වන බවත් හෙතෙම කීය.
  • නඩු ඇසිය යුත්තේ ප්‍රසිද්ධයේ යන්න ආණ්ඩුක්‍රම ව්‍යාපවස්ථාවේ පැහැදිළිව සඳහන්ව ඇති බව කී මහාචාර්ය ජී.
  • පීරිස් පැවසුවේ, ඒ වගේම මාධ්‍යවේදීන් එයට සහභාගි වී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු සමාජය දැනුවත් කිරීමේ අවස්ථාව ලැබිය යුතු බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුව ගෙන යන අදූරදර්ශි ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්‍ෂයේ පක්‍ෂ සන්ධානගත වීම සඳහා ‘මහජන හඬ සංවිධානය’ පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවැති සාකච්ඡාවට පෙර මහාචාර්ය ජී. එල්. පීරිස් එසේ පැවසීය.  

 

වර්තමානයේ මෙරට තත්වය අනුව විපක්‍ෂයේ සියලුම කණ්ඩායම් තම තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් ආරක්‍ෂා කරමින් ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් එක තැනකට පැමිණිය යුතු යැයි විශ්වාස කරන බවත් පක්‍ෂ හෝ සන්ධාන පිහිටුවීමක් නොව රටේ දැවෙන සහ වැඳගත් ප්‍රශ්නවලදී සෑම දෙනාම පොදු අරමුණක් සඳහා එකට වැඩකරන ලෙස මහනුවරදී මල්වත්ත සහ අස්ගිරි මහනායක හිමිවරු බැහැදුටු අවස්ථාවේදී උපදෙස් දුන් බවත් ඔහු කීය.

 

මෙරට යුක්තිය පසඳලීම සඳහා විනිශ්චකාරවරු සහ නීතිඥවරු අවශ්‍ය මෙන්ම මෙම දෙපිරිසෙන් එක පාර්ශවයක් නොමැති වුවහොත් යුත්කතිය පසඳලීමේ කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙන බවත් විනිශ්චකාරවරුන්ට සිතේ භයක් නොමැතිව ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමේ හැකියාව නැති වන බවත් හෙතෙම කීය.

නඩු ඇසිය යුත්තේ ප්‍රසිද්ධයේ යන්න ආණ්ඩුක්‍රම ව්‍යාපවස්ථාවේ පැහැදිළිව සඳහන්ව ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස්  පැවසුවේ, ඒ වගේම මාධ්‍යවේදීන් එයට සහභාගි වී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු සමාජය දැනුවත් කිරීමේ අවස්ථාව ලැබිය යුතු බවත්ය.

නීතිඥවරයාගේ ඝාතනය වී විනාඩි 20ක් ගතවීමට පෙර එම නීතිඥවරයා කුඩු කණ්ඩායම්වලට සම්බන්ධයි, ඔවුන්ගේ නඩුවලට පෙනී සිටි නිසා ඝාතනය කළා යැයි කිසිඳු විමර්ශනයකින් තොරව ප්‍රසිද්ධ කළ බවත් එම කටකථාව හේතුවෙන් වමර්ශන සම්බන්ධයෙන් සම්පූර්ණ විකෘතියක් ඇති වූ බවත් ඔහු පැවසීය.

ඒවා වෙනත් පටු අරමුණ සාක්ෂාත්කරගැනීම සඳහා කරන ප්‍රයත්නයන් බව කී ජී. එල්. පීරිස්, නීතිපති දෙපාර්තමේන්තුවට මෙරට ඉතිහාසායේ සිකිඳු දිනක නොතිබුණු විදියට බලපෑමක් ඇති බව ද සදඟනන් කළේය.

 

සාක්‍ෂි තිබුණත් නැතත් නඩු පවරන්න යැයි නීතිපතිවරයාට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නොමැති අතර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සම්ප්‍රදාය අනුව හෘදසාක්‍ෂි අනුව කිසිඳු පරිබාහිර බලපෑමක් නොමැතිව නඩු පැවරීමට නීතිපතිවරයාට පැහැදිළි වගකීමක් සහ පරිසරයක් තිබිය යුතු බවත් නීතිපතිවරයාට බලපෑමක් කරන්නේ නම් යුක්තිය පසඳලීම පිළිබඳව ගැටලුවක් මතු වන බවත් ඔහු කීය.

 

මෙම ආණ්ඩුවම පත්කළ රාජ්‍ය සේවකයන් වැඩකළ නොහැකිවීම නිසා ඉවත්වෙමින් ඇති අතර කාන්තාවන්ගේ සුබ සිද්ධිය ගැන කතා කරන වර්තමාන ආණ්ඩුව කාන්තා සුබ සිද්ධිය වෙනුවෙන් පත්කළ කොමිෂන් සභාවේ නිලධාරීනිය එහි සිටීමෙන් ප්‍රතිපලයක් නොමැති යැයි පවසා ඉල්ලාඅස්වූ බව කී මහාචාර්යවරයා වර්තමාන ආණ්ඩුව පත්කළ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වැඩකිරීමට නොහැකි යැයි පවසා ඉවත්වූ බවත් කීය.

මෙම සියලු දේටම මුහුණ දීම සඳහා ‘රජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කිරීම’ යන ශිර්ෂය යටතේ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඇති බවත් එය රට තුළ නීතිගත වුණහොත් මෙරට චිරාත් කාලයක් ආරක්‍ෂා කළ ප්‍රජාතන්තත්‍රවාදී ආයතන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවී යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

( lankadeepa | යොහාන් භාසුර)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...