මෙම සඟ සමුළුව සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය 2500ක් නමක මෙන්ම මහා නායක අනු නායක හිමිවරුන් ගණනාවකට ඇරයුම් කර ඇති බවද සංවිධායකයෝ පවසති.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමඟ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තැපාන ධම්මාලංකාර හිමියෝ, උඩරට අමරපුර නිකායේ මහා නායක නිකපොත චන්ද්‍රජෝතී මහනාහිමියෝ දැනටමත් සමුළුවට සහභාගිවන බව තහවුරු කර ඇතැයි සංවිධායකයෝ සඳහන් කරති.
උන්වහන්සේලාට අමතරව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමියන්ද, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ පාර්ශවයේ අනුනායක හිමියන්ගේද සහභාගිත්වය තහවුරු කර තිබේ.
උන්වහන්සේලාට අමතරව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය වෙනුවෙන් පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධමිම අනුනාහිමියන් ප්‍රමුඛ අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි නායක හිමිපාණන් වහන්සේලා රැසක් ද සමුළුවට සහභාගි වන බව තහවුරු කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නැහැ
වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති තර්ජන සහ සිදුව ඇති හානි පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් මෙම සංඝ සමුළුව සංවිධානය කෙරේ. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්, මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන නාහිමියන්, මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමියන් සහ තිනියාවල පාලිත නාහිමියන් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයක් විසින් මෙම මහා සඟ සමුළුවන් සංවිධාන කෙරේ.
මෙහි විශේෂත්වය වන්නේ සමුළුව සඳහා කිසිදු දේශපාලනඥයෙකුට නිල ආරාධනයක් කර නොතිබීමයි.
රෝහලේ සිට සංවිධාන කටයුතු සිදුකරයි
ඒ අතර වාර්තා වූ තවත් විශේෂ කරුණක් වන්නේ සඟ සමුළුවේ ප්‍රධාන සංවිධායක ලෙස ක්‍රියා කරන පූජ්‍ය මුරුත්තෙට්ටුුවේ ආනන්ද හිමියන් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවයි.
එහෙත් රෝහලේ සිට උන්වහන්සේ මෙම සමුසමුළුව සාර්ථක කරගැනීම පිණිස අවශ්‍ය කරන සංවිධාන කටයුතු කරන බවද සඳහන් කර තිබේ.
| lankalokaya
විසි වැනි දා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!
T
The Leader Desk
February 18, 2026 • 2:49 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම සඟ සමුළුව සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය 2500ක් නමක මෙන්ම මහා නායක අනු නායක හිමිවරුන් ගණනාවකට ඇරයුම් කර ඇති බවද සංවිධායකයෝ පවසති.
- කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමඟ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තැපාන ධම්මාලංකාර හිමියෝ, උඩරට අමරපුර නිකායේ මහා නායක නිකපොත චන්ද්‍රජෝතී මහනාහිමියෝ දැනටමත් සමුළුවට සහභාගිවන බව තහවුරු කර ඇතැයි සංවිධායකයෝ සඳහන් කරති.
- උන්වහන්සේලාට අමතරව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය වෙනුවෙන් පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධමිම අනුනාහිමියන් ප්‍රමුඛ අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි නායක හිමිපාණන් වහන්සේලා රැසක් ද සමුළුවට සහභාගි වන බව තහවුරු කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
- කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නැහැ වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති තර්ජන සහ සිදුව ඇති හානි පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් මෙම සංඝ සමුළුව සංවිධානය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



