The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

February 18, 2026 • 5:03 PM

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
  • කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ඇය ඊයේ (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත.
  • තමා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ දින සිට අවංකව සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වයෙන් කටයුතු කළ බව ඇය එම ලිපියෙන් පවසයි.
  • ලංකා සීනි සමාගමට අනන්‍ය වූ නිති රාමුවක් තිබෙන බවත්, එම නීති පද්ධතියට යටත්ව තමා කටයුතු කළ බවත් එහි දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ඇය ඊයේ (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත.

තමා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ දින සිට අවංකව සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වයෙන් කටයුතු කළ බව ඇය එම ලිපියෙන් පවසයි.

ලංකා සීනි සමාගමට අනන්‍ය වූ නිති රාමුවක් තිබෙන බවත්, එම නීති පද්ධතියට යටත්ව තමා කටයුතු කළ බවත් එහි දැක්වේ.

කෙසේ නමුත් ඇතැම් දේශපාලඥයන් සිය දේශපාලන බලය උපයෝගී කරගනිමින් ආයතනයේ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමට තමාට බලපැම් කළ බව ඇය ලිපියේ දක්වා ඇත.

එසේ වුවත් තමාගේ සේවා කාලය තුළ, අදාළ චක්‍රලේඛ, රෙගුලාසි සහ ස්ථාපිත නීතිමය ක්‍රියා පටිපාටි උල්ලංඝනය කිරීමට නොහැකි බව ඇය දක්වා තිබේ.

මෙවැනි තත්ත්වයන් යටතේ තවදුරටත් තමන්ට රාජකාරි ඉටු කිරීමට නොහැකි හෙයින් තම වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වන බව ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර වත්මන් රජය පත්වීමෙන් පසු ලංකා සීනි පුද්ගලික සමාගම සඳහා පත් කළ දෙවන සභාපතිනිය යි.

ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද රුක්ෂාන් ගුණතිලක ද කෙටි කලකින් එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු එම ධූරයට පත් කරන ලද්දේ ද, වර්තමාන ආණ්ඩුව විසිනි.

සභාපතිනිය ඇතුළු පිරිසට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් සම්බන්ධව දැනුවත් කර තිබේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී විෂය බාර අමාත්‍ය සුනික් හඳුන්නෙත්ති පවසන්නේ  "මම දැනුවත් වෙලා නැහැ," යි කියායි.

නීතිඥ සඳමාලි චන්ද්‍රෙස්ක ලංකා සීනි සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණ බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බීබීසි සිංහල වෙත පවසා ඇත.

රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට රජය අදහස් කරන බවත් ඊට අදාළ වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙබරවාරි 10 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

Resignation letter 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...