The Leader News
BREAKING
Top Ad
පුවත්

'අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න' - ෆොන්සේකා සහ 'ගාලුමුවදොර අරගලකරුවෝ' ජනපතිගෙන් ඉල්ලයි

T

The Leader Desk

February 19, 2026 • 5:10 AM

'අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න' - ෆොන්සේකා සහ 'ගාලුමුවදොර අරගලකරුවෝ' ජනපතිගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (18) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළේය.
  • ගාලුමුවදොර අරගලකරුවෝ 2022 වසරේ අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ තරුණයින් 12 දෙනෙකුට මරණ දඩුවම දීම පිළිබඳ අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලකරුවන් ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වි ය.
  • කුන්ඩලකේශි වන්නිආරච්චි ''අරගලය යනු සමාජ විප්ලවයක් ලෙස සලකා යුක්තිය සපත කරමු; අයුක්තිය හමුවේ නැගෙන අරගලය යුක්තියක් ලෙස සලකමු.'' විරාජ් ලියනාරච්චි ''අරගලය ජනතා නැගිටීමක්; ආණ්ඩුවට මේකට සද්ද නැතිව ඉන්න බෑ.
  • මේ නඩු සියල්ලට වෙනම නීති කෘත්‍යයක් කරන්න.'' චානු නිමේෂා ''අරගලය් තුල LGBT ප්‍රජාව නියෝජනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (18) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළේය.

මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම ජනාධිතිවරයාට එක් පෑන් පහරින් සිදුකළ හැකිය.

මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කරගනවා කියන එක ජනාධිතිතුමා එක පෑන් පහරෙන් කරන්න ඕන" යැයි පැවසීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉකුත් 11වනදා මරණ දඬුවම නියම කළේය.



ඔවුන් පාරට බැස්සේ අපි වෙනුවෙනි... - ගාලුමුවදොර අරගලකරුවෝ


api

2022 වසරේ අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ තරුණයින් 12 දෙනෙකුට මරණ දඩුවම දීම පිළිබඳ අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලකරුවන් ඊයේ  මාධ්‍ය හමුවක් පැවැත්වි ය.

මතු පළ වන්නේ ඔවුන් එම මාධ්‍ය හමුවේ දී පළ කළ අදහස් ය.

කුන්ඩලකේශි වන්නිආරච්චි

''අරගලය යනු සමාජ විප්ලවයක් ලෙස සලකා යුක්තිය සපත කරමු; අයුක්තිය හමුවේ නැගෙන අරගලය යුක්තියක් ලෙස සලකමු.''

විරාජ් ලියනාරච්චි

''අරගලය ජනතා නැගිටීමක්; ආණ්ඩුවට මේකට සද්ද නැතිව ඉන්න බෑ. ඇමතිවරුත් සමහර නඩුවල ඉන්නවා. ආණ්ඩුව පැනල යන්න හදන්න එපා. මේකේ කොටසක් ඔයාලටත් තියෙනවා.''

කැලුම් අමරසිංහ

''කාටවත් ගහන්න ආපු එකක් නෙවෙයි මේක. අපි ඒකට අදාළ නෑ කියන එක සාධාරණ නෑ. තුනෙන් දෙකක බලයක් තියෙනවා. මේකට විශාල කාලයක් ගිහින්. 71 අරගලය ගැන කියනවා සමාජ යුක්තිය ගැන පැන නැගුන අරගලයක් කියලා. අරගලයට සම්බන්ධ වෙච්ච ඇමතිවරු මංත්‍රීවරුන් ඉන්නවා. අධිකරණයට අපහස කරනවා නෙවෙයි. පතෝල වගේ වෙන්න එපා. පාලකයින් හිතා මතා මේ නඩු ටික අමතක කළා. මේ නඩු සියල්ලට වෙනම නීති කෘත්‍යයක් කරන්න.''

චානු නිමේෂා

''අරගලය් තුල LGBT ප්‍රජාව නියෝජනය කළා. මේ රටේ ප්‍රශ්නය අපේ ලිංගිකත්වය ද...? සිවුරු ඇදගත් මිනීමරුවන් දාලා අපිට අපහස කරනවා. මේක ආදරයේ අරගලයක්. රටේ ප්‍රශ්න වෙනුවෙන් එළියට බැහැපු අය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි දූශිත පාලකයින් එළෙව්වා. අමරකීර්ති ඝාතනය හුදෙකලා සිද්ධියක් නෙවෙයි. ජෝස්ටන්ලා අරක්කු දීලා පිරිසක් ගෝල්ෆේස් එකට එව්වේ නැත්නම් අදටත් ගිනි තැබීම් නෑ. ආණ්ඩුවට නිහඩව ඉන්න අයිතියක් නෑ; ඒකට සදාචාරාත්මක අයිතියක් නෑ.''

නාට්‍ය කරුවෙක්

''අමරකීර්ති ඝාතන සිද්ධිය පමණක් කේන්ද්‍ර ගත කරන්න බෑ. මේ ඝාතනය සාධාරනීකරණය කරන්නේ නෑ. මේ අරගලය සවිඥානිකව තේරුම් ගන්න. අමරකීර්ති ඝාතනයට තව 12ක් ඝාතනය කරන්න පුළුවන් ද? සැලසුම් සහගතව කිසිදු මරණයක් සිදු උණේ නෑ. පහරදීමෙන් අරගලකරුවන් මිය යෑම පිළිබඳ කවුරුත් කතාකරන්නේ නැද්ද...? ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනට ඔවුන් කර හරිමින් ඉන්න බව පේනවා. තුනෙන් දෙකක බලයක් තියෙන ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ. ඔවුන්ට හැකියාව තියෙනවා ව්‍යවස්ථා තීරණයක් ගන්න.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...