The Leader News
BREAKING
Top Ad
පුවත්

නතාෂාගෙන් ලිඛිතව සමාව ගනියි - අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට නව චක්‍රලේඛයක්

T

The Leader Desk

February 19, 2026 • 7:17 AM

නතාෂාගෙන්  ලිඛිතව සමාව ගනියි - අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට නව චක්‍රලේඛයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද අගවිනිසුරු පී.
  • ලිඛිත කණගාටුව පළ කිරීම අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස එම්.එම්.යූ.
  • සුබසිංහ ඉදිරිපත් කළ ලිපියේ මෙසේ සඳහන් විය: "සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
  • එමෙන්ම මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි." යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද අගවිනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු විය.

ලිඛිත කණගාටුව පළ කිරීම

WhatsApp Image 2026 02 19 at 12.42.23 PM
අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස එම්.එම්.යූ. සුබසිංහ ඉදිරිපත් කළ ලිපියේ මෙසේ සඳහන් විය:

"සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි." යනුවෙනි.

පොලිසියට නව මාර්ගෝපදේශ

මෙම පනත යටතේ අනාගතයේදී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුවීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට ප්‍රකාශ කළේය. එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කිරීමට නියමිත අතර, නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට සිය එකඟතාව පළ කර ඇත.

නතාෂා එදිරිසූරිය සිය නීතිඥ සුරේන් ප්‍රනාන්දු ගේ උපදෙස් මත ඉදිරිපත් කළ කොන්දේසිවලට වගඋත්තරකරුවන් එකඟ වීම නිසා නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.

අද දින විවෘත අධිකරණයේ පෙනී සිටි නතාෂා අමතමින් අගවිනිසුරු පී. පද්මන් සූරසේන  සඳහන් කළේ, නඩු කටයුතු මෙලෙස අවසන් කිරීමට ඇය දැක්වූ දායකත්වය අධිකරණය අගය කරන බවයි. ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මගින් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...