එයට හැකි ඉක්මනින් විසඳුමක් දෙන්නැයි පාරිභෝගිකයන් වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ගෑස් අහිමි වීම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය විමක් බවත් එය ජීවත් වීමේ අයිතිය පවා ආරක්ෂා කිරීමට සම්බන්ධ බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නොවන බවත් මේ ගෑස් පොලිම් නිර්මාණය කළේ විපක්ෂය නොවන බවත් මේ අවස්ථාවේ හිගයක් තිබෙන නිසා මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසත් පාරිභෝගිකයන්ගේ මේ ගැටලුව විසදා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
'වෙළඳපොලේ ගෑස් හිගයක් නෑ' - වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මෙසේ පැවසිය.
'' ලාෆ්ස් බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා. ගෑස් හිගය මැඩ පවත්වන්න ගෑස් වැඩිපුර බෙදා හරින්න කටයුතු කරලා තියෙනවා. ඉරිදා අඟහරුවාදා තව නැව් එනවා.
ලාෆ්ස් සමාගමට නිසි දැනුම්දීම් කරලා තියෙනවා. වහාම ගෑස් ගෙනල්ල බෙදා හරින්න කියලා. කලබලය නිසා ඉල්ලුම වැඩි වෙලා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. වෙළඳපොලේ ගෑස් හිගයක් නෑ. පාරිභෝගිකයා රවටන්න එපා. ඉක්මනට ගෑස් ගෙනල්ලා බෙදන්න. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කහ පාට ගෑස් පාවිච්චි කරන අයට.
ගෑස් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්ති මවන පිරිසක් ඉන්නවා. කිසිසේත්ම ගෑස් හිඟයක් ඇතිවන්න ඉඩ තියන්නේ නෑ.''
පවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න - නාමල් රාජපක්ෂ
මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්‍යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ පැවසීය.
පසුගිය අප රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
මෙම හම්බන්තොට ඇති ගෑස් පර්‍යන්තයෙන් සිදු කරන්නේ ගෑස් ප්‍රතිඅපනයනය කිරීම වුවත් මේ අවස්ථාවේ එම ප්‍රතිපත්තිය වෙනස් කර දේශීය වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
ලාෆ් හිඟයට හේතුව සමාගම කියයි
එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් ගැනීමට අවශ්‍ය නිතිමය කටයුතු සඳහා අදාල බලධාරීන් සමග නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව ද එම සමාගම කියයි.
දේශීය ගෘහස්ථ එල්.පී. ගෑස් ඉල්ලුම සපුරාලීමට ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම එල්.පී. ගෑස් කොළඹ වරාය හරහා ලබාගැනීමේ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව කියන ලාෆ්ස් ගෑස් සමාගම, එම ගෑස් තොග කොළඹ වරායට ලැබුණු වහාම සිලින්ඩර්ගත කර ඒවා කඩිනමින් රටපුරා අඛණ්ඩව බෙදාහැරීමට මෙහෙයුම් සැළසුම් කර ඇති බව වැඩි දුරටත් සඳහන් කරයි.




