The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ සඟ සමුළුව අද කොළඹදී

T

The Leader Desk

February 20, 2026 • 4:09 AM

මහ සඟ සමුළුව අද කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
  • මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.
  • උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.
  • මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.

මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ මෙහෙයුමක් ...

මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.

එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ විය.

මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සංවිධායකවරුන් සඳහන් කළහ.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...