The Leader News
BREAKING
Top Ad
පුවත්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ

T

The Leader Desk

February 20, 2026 • 7:00 AM

 අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු හඳුනාගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • ඒ වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
  • වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
  • මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ටුටූ" නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල,

"අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගනු ලැබුවා. අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා සහ මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ටුටූ" නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් කණ්ඩායම් මේ වෙනකොට මේ සම්බන්ධව පුළුල් විමර්ශන දියත් කරලා මේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...