The Leader News
BREAKING
Top Ad
පුවත්

අවුරුදු නමයක අරගලයේ විසඳුම් නොලද දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

T

The Leader Desk

February 21, 2026 • 6:49 AM

අවුරුදු නමයක අරගලයේ විසඳුම් නොලද දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ව්‍යාජ මාක්ස්වාදීනි, 2009 දෙමළ වර්ග සංහාරය ඔබට මතකදැ,” යි සඳහන් පුවරුද ඇතැම් මාතාවන් අත විය.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා නායකත්වය දුන් කිලිනොච්චියේ පැවැති විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්ව සිටි බවයි.
  • වසරේ අවසන් යුද්ධයේදී මුල්ලිවයික්කාල්හි සිදු වූ වර්ග සංහාරයට, තවමත් යුක්තිය ඉටු වී නොමැති බව අවධාරණය කරන එම සංදේශයේ වැඩි දුරටත් සදහන් කර තිබුනේ සමූලඝාතන සිදු කළ බවට චෝදනා ලැබූ හමුදා නිලධාරින්ට ඉහළ තනතුරු දෙන රටක වින්දිතයන්ට කවදාවත් යුක්තිය නොලැබෙන බවයි.
  • දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) වහාම හකුලාගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අතුරුදහන් සිය සමීපතමයන් පිළිබඳ සත්‍යය හෙලිකරගැනීමට 2017 වසරේ පෙබරවාරි 20 වැනිදා කිලිනොච්චියේ දී  ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 3287 සපිරෙන 2026 පෙබරවාරි  20 වැනි සිකුරාදා කිලිනොච්චි සිත්ති විනයාගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්  ඩිපෝ හන්දියේ මීනාක්ෂි අම්මන් කෝවිල දක්වා පැමිණ යුද වින්දිත මව්පියන් මෙවරත් ඉල්ලා සිටියේ සිය සමීපතමයන්ට යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකි.

“ව්‍යාජ මාක්ස්වාදීනි, 2009 දෙමළ වර්ග සංහාරය ඔබට මතකදැ,” යි සඳහන් පුවරුද ඇතැම් මාතාවන් අත විය.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා නායකත්වය දුන් කිලිනොච්චියේ පැවැති විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්ව සිටි බවයි.

111

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යොමු කිරීම සදහා ප්‍රධාන ඉල්ලීම් නවයක් ඇතුලත් කරමින් සකස් කළ සන්දේශයක්ද උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා විසින් විරෝධතාව අවසානයේ, මාධ්‍යවේදීන් හමුවේ ඉදිරිපත් කළ අතර එහි අවධාරණය කර තිබුනේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017  උතුරු නැගෙනහිර දෙපළාතේ විරෝධතා ආරම්භ කළ දෙමළ දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 400 ක් මේ වන විටත්  මිය ගොස් ඇති බවයි.

 
2009 වසරේ  අවසන් යුද්ධයේදී මුල්ලිවයික්කාල්හි සිදු වූ වර්ග සංහාරයට, තවමත් යුක්තිය ඉටු වී නොමැති බව අවධාරණය කරන එම සංදේශයේ වැඩි දුරටත් සදහන් කර තිබුනේ සමූලඝාතන සිදු කළ බවට චෝදනා ලැබූ හමුදා නිලධාරින්ට ඉහළ තනතුරු දෙන රටක වින්දිතයන්ට  කවදාවත් යුක්තිය නොලැබෙන බවයි.

එවැනි තත්වයක් යටතේ  දෙමළ ජනයාට යුක්තිය සහතික කිරිම සදහා ජාත්‍යන්තර මැදිහත්විම අවශ්‍යතාවය උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත නැවතත් සිහි කැදවමින් තිබුනේ පහත සදහන් ඉල්ලීම් නමයද ඉදිරිපත් කරමිනි.
333
01) බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයගේ ඥාතීන්ට ජාත්‍යන්තර යුක්තිය ලබා දිය යුතුයි.

02) දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතුය.

03) දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) වහාම හකුලාගත යුතුයි.

04) උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වහා  ඉවත් කළ යුතුයි.

05) උතුරු නැගෙනහිර සමූහ මිනීවළවල් කැණීම නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ කර ගත යුතුයි.

06) මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජ නියෝජිතයන්ට සහ මහජනතාවට බුද්ධි අංශ වලින් එල්ල වන  තර්ජන වහාම නතර කළ යුතුයි.

07) බෞද්ධකරණය වහාම නතර කළ යුතුයි.

08) මව්බිමේ සම්පත් සූරාකෑම නතර කළ යුතුයි.

09) නිජබිමට එරෙහිව අඛණ්ඩව සිදුවන ආක්‍රමණය නතර කළ යුතුයි.

මෙවර නිදහස් දිනයත්  කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත යොමු කළ සංදේශයක් මගින් ඉල්ලා තිබුනේ  දෙමළ ජනතාවට අවසන් දේශපාලන විසඳුමක් ලැබෙන තෙක් ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ අතුරු පරිපාලන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.

දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස දෙමළ ජාතිකවාදය, දෙමළ නිජබිම සහ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීමෙන් පමණක් ඉහත කී සියලු මර්දනයන් නැවත සිදු නොවන බව සහතික කළ හැකි බව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් කරන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් දෙමළ ජනයා මුහුණ දී සිටින  ගැටළු වහාම විසඳිම සදහා මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ද දැඩිව ඉල්ලා තිබුනි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...