The Leader News
BREAKING
Top Ad
පුවත්

මහනුවර යළි ආපදා තත්වයක් !

T

The Leader Desk

February 22, 2026 • 5:44 AM

මහනුවර යළි ආපදා තත්වයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින වැසි සහිත කාලගුණයක තත්ත්වය හමුවේ වැඩිම ආපදාවන් සිදුවී ඇත්තේ උඩදුම්බර ප්‍රදේශයට බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශයේ නාය යාම් සහ ජලගැලීම් ගණනාවක්ම වාර්තා වී ඇති බවද කියයි.
  • උඩදුම්බර මහවෙල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන්වී ඇති අතර ගංගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාස කිහිපයක් නයාමට හසු වී ඇති බවත් යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමේදී මළ සිරුරු තුනක් එම ප්‍රදේශයේ දී හමු වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.
  • තවත් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි ද කියයි එම ප්‍රදේශයේ පවුල් 100 ක ජනතාව සුරක්ෂා මධ්‍යස්ථාන 07 ක් තුළට යොමු කොට ඇති බවද පවසන දිස්ත්‍රික් ලේකම්වරයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක සුරක්ෂා මධ්‍යස්ථාන 17 ක මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද කියයි.
  • දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමකින් අනතුරුව මහනුවර මහියංගන මාර්ගයේ අද මහනුවර සිට දහ අට වංගුවේ හසලක දක්වා කොටස නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පවතින වැසි සහිත කාලගුණයක තත්ත්වය හමුවේ වැඩිම ආපදාවන් සිදුවී ඇත්තේ උඩදුම්බර ප්‍රදේශයට බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශයේ නාය යාම් සහ ජලගැලීම් ගණනාවක්ම වාර්තා වී ඇති බවද කියයි.

උඩදුම්බර මහවෙල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන්වී ඇති අතර ගංගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාස කිහිපයක් නයාමට හසු වී ඇති බවත් යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමේදී මළ සිරුරු තුනක් එම ප්‍රදේශයේ දී හමු වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි. තවත් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි ද කියයි

එම ප්‍රදේශයේ පවුල් 100 ක ජනතාව සුරක්ෂා මධ්‍යස්ථාන 07 ක් තුළට යොමු කොට ඇති බවද පවසන දිස්ත්‍රික් ලේකම්වරයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක සුරක්ෂා මධ්‍යස්ථාන 17 ක මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද කියයි.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමකින් අනතුරුව මහනුවර මහියංගන මාර්ගයේ අද මහනුවර සිට දහ අට වංගුවේ හසලක දක්වා කොටස නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ අතර පේරාදෙණිය ගුහාගොඩ මාර්ගයේ සීමා මාලකය අසල මීට පෙර දිට්වා සුළි කුනාටුව අවස්ථාවේදී නාය ගිය ස්ථානයේ නැවතත් නායයාම් සක්‍රියවී මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.

( lankadeepa | ෂේන් සෙනෙවිරත්න)
f958ufjjgfgfigfio

vs5ybyj

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...