The Leader News
BREAKING
Top Ad
පුවත්

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි !

T

The Leader Desk

February 22, 2026 • 5:50 AM

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට (23) දිනය දක්වා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන බවත්, මෙම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
  • ( lankadeepa | ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ).
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව,

*  මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩදුම්බර, ගඟ ඉහළ කෝරලය,

* කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, මාවනැල්ල, දෙහිඔවිට, කෑගල්ල,

* මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, අඹන්ගඟ කෝරලය, ලග්ගල පල්ලේගම, විල්ගමුව හා

* රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ තුන් වන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කොට තිබේ.

දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් :

* බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල,
* ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම,
* මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර,
* මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර,
* නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න, වලපනේ, නෝර්වුඩ්, අඹගමුව,  
* රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම සහ කලවාන

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දකැටිය, හපුතලේ, පස්සර, බණ්ඩාරවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ  උඩුනුවර, උඩ පළාත, පස්බාගේ කෝරලේ, පාතහේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, මතුරට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

හෙට (23) දිනය දක්වා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන බවත්, මෙම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

( lankadeepa | ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...