The Leader News
BREAKING
Top Ad
පුවත්

පැරණි නීති රීති හා අණපනත් සංශෝධනය කිරීමට යයි !

T

The Leader Desk

February 22, 2026 • 9:40 AM

පැරණි නීති රීති හා අණපනත් සංශෝධනය කිරීමට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමිනි.
  • ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බව ද ඔහු කීය.
  • සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමිනි.

ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බව ද ඔහු කීය.

“ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.

අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ.

ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට  ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනෑම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා."

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...