The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු අගමැතිවරයෙකුට බෙහෙත් ගන්න දුන් කෝටි තුනකට “පොලු”!

T

The Leader Desk

February 22, 2026 • 4:51 PM

 හිටපු අගමැතිවරයෙකුට බෙහෙත් ගන්න දුන් කෝටි තුනකට “පොලු”!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් නැවත අය කරගෙන නැතැයි වාර්තාවේ.
  • ජනාධිපති අරමුදල පනතෙන් ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී අරමුදල මෙලෙස මුදල් නිකුත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
  • හිටපු මන්ත්‍රීවරයකුට ජනපති අරමුදලින් දුන් කෝටියකුත් පුස්වෙලා එසේම හිටපු ජනාධිපති ලේකම්ගේ අංක PF/M/ 78/06 චක්‍රලේඛය සහ 2015.
  • ලිපිය මත මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටියකට වැඩි මුදලක් ජනාධිපති අරමුදලින් ගෙවා ඇතත් එම මුදල් ද පසුගිය වසරේ ජුනි මාසය වනවිටත් අයකරගෙන නොතිබූ බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් නැවත අය කරගෙන නැතැයි වාර්තාවේ.

ජනාධිපති අරමුදල පනතෙන් ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී අරමුදල මෙලෙස මුදල් නිකුත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයකුට ජනපති අරමුදලින් දුන් කෝටියකුත් පුස්වෙලා

එසේම හිටපු ජනාධිපති ලේකම්ගේ අංක PF/M/ 78/06 චක්‍රලේඛය සහ 2015. 02.02 ලිපිය මත මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටියකට වැඩි මුදලක් ජනාධිපති අරමුදලින් ගෙවා ඇතත් එම මුදල් ද පසුගිය වසරේ ජුනි මාසය වනවිටත් අයකරගෙන නොතිබූ බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජීවිත කාලය පුරා රෝගී තත්ත්වයෙන් පසුවන බවට හඳුනාගෙන තිබූ එකොළොස් දෙනෙකු වෙනුවෙන් අරමුදල රාජ්‍ය බැංකු තුනක රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් ආයෝජනය කර එහි ප්‍රතිලාභ එම රෝගීන්ට මාසිකව ලැබීමට කටයුතු සලස්වා තිබුණද මුදල රෝගීන්ට ප්‍රමාණවත් වේද යන්න ඇගයීමට ලක් කර ඊට අනුකූලව අවශ්‍ය සංශෝධන කිරීමට අරමුදල කටයුතු කර නොතිබූ බව රජයේ ප්‍රකාශනයක් පැවසීය.

( lankalokaya | අසේල පෙරේරා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...