The Leader News
BREAKING
Top Ad
පුවත්

රේගු නිලධාරීන් අද සිට කළු පටි පැලඳ සේවයට

T

The Leader Desk

February 24, 2026 • 4:22 AM

රේගු නිලධාරීන් අද සිට කළු පටි පැලඳ සේවයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිශ්චිත විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත.
  • එම නිසා අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළුපිටි පැලඳ රාජකාරී කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ.
  • කෙසේවෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන 26 වන දින මුදල් අමාත්‍යංශය, රාජ්‍ය සේවා කොමිශන් සභාව ඇතුළු පාර්ශව කිහිපයක් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.
  • එම සාකච්ඡාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ලබන සිකුරාදා දිනයේ රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිශ්චිත විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත.

එම නිසා අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළුපිටි පැලඳ රාජකාරී කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන 26 වන දින මුදල් අමාත්‍යංශය, රාජ්‍ය සේවා කොමිශන් සභාව ඇතුළු පාර්ශව කිහිපයක් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.

එම සාකච්ඡාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ලබන සිකුරාදා දිනයේ රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇත.

සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් සම්පූර්ණ වගකීම භාරගත යුතුයි !

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, වසර 6ක් පුරා අසාධාරණව අහිමි කළ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනතාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් භාරගත යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනය මතු පළවේ.

dfstett

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...