The Leader News
BREAKING
Top Ad
පුවත්

'රටම එකට’ තියන්න යාපනේ කෝටි බාගයක තේපැන් සංග්‍රහයක්

T

The Leader Desk

February 24, 2026 • 9:13 AM

'රටම එකට’ තියන්න යාපනේ කෝටි බාගයක තේපැන් සංග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (1,10,79,075.00) ඒ අතුරින් වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ ශාලා පහසුකම් වෙනුවෙනි.
  • (52,37,000.00) රැස්වීමට බස් යොදවා පිරිස් කැඳවා තේපැන් සංග්‍රහයක් පැවැත්වීමට කෝටි බාගයකට වඩා වියදම් කර තිබේ.
  • තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් තිස් එක් ලක්ෂ දහ තුන් දහස් දෙසිය තිස් තුනක් (31,13,233.00) ක් වියදම් කර ඇති අතර සහභාගී වු ජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් විසි තුන් ලක්ෂ හතලිස් තුන්දහස් අටසිය අසු පහකි.
  • (23,43,885.00) උත්සවය සුදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් 1,18, 940.00 ක්, බැනර් සදහා රුපියල් 51,700.00ක්, පානීය ජලය හා වැසිකිලි පහසුකම් සදහා රුපියල් 36,890.00 ක් මෙන්ම පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් රුපියල් 23,375.00 ක් වියදම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනයේ නිදහස් මාධ්‍යවේදී  ස්වර්ණලිංගම් වර්ණන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු අනුව 2026 ජනවාරි 16 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සදහා ආණ්ඩුව වියදම් කර ඇති මුදල රුපියල් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ නම දහස් හැත්තෑ පහකි. (1,10,79,075.00)

ඒ අතුරින් වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ ශාලා පහසුකම් වෙනුවෙනි. එය රුපියල් පනස් දෙලක්ෂ තිස් හත් දහසකි. (52,37,000.00)

රැස්වීමට බස් යොදවා පිරිස් කැඳවා තේපැන් සංග්‍රහයක් පැවැත්වීමට කෝටි බාගයකට වඩා වියදම් කර තිබේ.

තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් තිස් එක් ලක්ෂ දහ තුන් දහස් දෙසිය තිස් තුනක් (31,13,233.00) ක් වියදම් කර ඇති අතර සහභාගී වු ජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් විසි තුන් ලක්ෂ හතලිස් තුන්දහස් අටසිය අසු පහකි. (23,43,885.00)

උත්සවය සුදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් 1,18, 940.00 ක්, බැනර් සදහා රුපියල් 51,700.00ක්, පානීය ජලය හා වැසිකිලි පහසුකම් සදහා රුපියල් 36,890.00 ක් මෙන්ම පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් රුපියල්  23,375.00 ක් වියදම් කර තිබේ.

එයට අමතරව වෙනත් වියදම් වශයෙන් රුපියල්  එක් ලක්ෂ පනස් හතර දහස් පනස් දෙකයි ශත පනහක (1,54,052.50) මුදලක් වියදම් කර ඇත.

 

යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ 2026 ජනවාරි 16 වැනිදා  පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කර තිබුනේ එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවයි.

 

කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ යන භේදයකින් තොරව පැතිර යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට  ක්‍රියාත්මක කරන අතර , එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බව ඔහු එහිදී අවධාරණය කර තිබුනි.

එමෙන්ම සමාජයක් ලෙස සිය වගකීම ඉටු කරමින් මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්ව ඒ වෙනුවෙන් කැප වන ලෙසද ජනාධිපතිවරයා එහිදී ජනතාවට ආරාධනා කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රටම එකට’ තියන්න යාපනේ කෝටි බාගයක තේපැන් සංග්‍රහයක් | The Leader