සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අද (පෙබ: 24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන්ගෙන් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය වූ බව ය.
"මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුකළේ. මේක අලුත් දෙයක්...මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල් අඟුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩි නම් තමයි ලංකාව භාර ගන්නේ. ඒ අනුව අද වෙනකොට නැව් 10ක් ඇවිත් තියෙනවා ඒ නැව් 10ම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5,900ට වඩා වැඩි යි. 5,900ට වඩා අඩු නම් භාර ගන්නේ ම නෑ. නැවෙන් ඇවිල්ලා ලංකාවේදි ගොඩබෑවාට පස්සේ රිපෝට් එකක් ගන්නවා ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ පරීක්ෂණාගාරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරා ගත්ත ආයතනයක්."
''ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ''
"මේ ගල් අඟුරු බෑවාට පස්සේ එතැනින් රිපෝට් එකක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි වාර්තාව 5,900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කර ගන්නවා, කිලෝ කැලරි 5,900- 6,100ත් අතර තිබෙනවා නම් එක ගුණකයක දඩයක් අය කරනවා. මේක තමයි ක්‍රියාවලිය. මීට පිටින් පරිබාහිර ක්‍රමයක් නෑ. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදුවුණේ ඉතින් ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ."
"දැන් මේ ආපු නැව් 10න් නැව් 8ක් සම්පූර්ණයෙන් ගොඩබාලා අවසන් වෙලා තියෙන්නේ. ඉතුරු නැවේ ගල් අඟුරු ගොඩබාමින් තියෙනවා. එයින් නැව් 6ක වාර්තා ලැබිලා තියෙනවා. පළමු නැව් තොගය මෙට්‍රික් ටොන් 59,831ක තොගයක්. එහි තිබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය අර කියන ප්‍රමිතියට නොතිබුණු නිසා දඩයක් අය කළා අය කරපු මුදල ඩොලර් මිලියන 2.07ක්."
"ඉතිරි නැව්වලදි දෙවැනි නැවට ඩොලර් 436,001ක්, තුන්වැනි නැවට ඩොලර් 484,929, හතරවැනි නැවට ඩොලර් 345,652, පස්වැනි නැවට ඩොලර් 500,192, හයවැනි නැවට ඩොලර් 510,677ක් ලෙස දඩ මුදල් අයකරගෙන තිබෙනවා. අර අපේ පිරිවිතරයන් ඒ කියන්නේ 5,900 - 6,100ත් අතර තිබෙන. ඒවා භාවිතා කරනවා නමුත් ඒ අතර තියෙන නිසා එක් දඩ මුදලක් අයකරගෙන තිබෙනවා."
මේ පරීක්ෂණ වාර්තාවල ඇති වන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇති වෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා."
''රජය ගෙන ආවේ බාල ගල් අගුරු කියලා රජයම පිළිගෙන අවසන්'' - විපක්ෂ නායක
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රජය ගෙන ආවේ බාල ගල් අගුරු බව රජයම පිළිගෙන අවසන් බවයි.
බාල ගල් අගුරු වංචාව දූෂණය ගැන සමගි ජන බලවේගය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළත් රජය දිගින් දිගටම බාල ගල් අගුරු ගැන සමගි ජන බලවේගය ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ බවත් මේ වන විට රජය බාල ගල් අගුරු ඇති බවට රජය පිළිගන්නා බවට දැන ගන්නා නමුත් දූෂණයක් සිදුව නැති බවට රජය ප්‍රකාශ කරන බවත් දැන් රජය ගෙන ආ ගල් අගුරු බාලයි කියා රජය පිළිගැනීම සමගි ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බවත් සත්‍ය වශයෙන් මේ ගල් අගුරු වංචාව තුළ අනිවාර්යෙන්ම දූෂණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ වංචාවේ පාඩුව විදින්න වෙන්නේ ජනතාවට
මේ බාල ගල් අගුරු ගෙන්වීම නිසා අවශ්‍යව ඇති ගල් අගුරු ප්‍රමාණයට වඩා වැඩි ගල් අගුරු ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවන බවත් වැඩිපුර ගල් අගුරු ඇනවුම් කිරීම තුළ රටට ජනතාවට පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බවත් මේ මූල්‍ය පාඩුවේ බර කරට ගැනීමට සිදුවන්නේ රජයට සහ ජනතාවට එනම් බදු ගෙවන්නන්ගෙන් සහ විදුලි පාරිභෝගිකයන්ගෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය කියන ප්‍රමාණයට වඩා පාඩුවක් රටට වුණා
මේ බාල ගල් අගුරු වංචාව තුළ විශේෂයෙන්ම මූල්‍ය පාඩුව රු. බි. 8ක් ලෙස විදුලි බල මණ්ඩලය තක්සේරු කරන බවත් මේ තක්සේරුව සමගි ජන බලවේගය පිළිනොගන්නා බවත් මීට වඩා වැඩි පාඩුවක් මෙහි දී සිදුව ඇති බවත් මේ තක්සේරුව හරහා බාල ගල් අගුරු භාවිතයෙන් උපකරණවලට වන හානිය ගණනය කර නොමැති බවත් විදුලි බල අමාත්‍යාංශය සහ රජය ඇත්ත ඇති සැටියෙන් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේක ඉන්ධන මාෆියාවට මුල පිරීමක්
මාර්තු 1 වැනිදා පසු හොඳ ප්‍රමිතියේ රුසියානු ගල් අගුරු සියල්ල අවසන් වන අතර මෙගාවොට් 900 නිපදවන්න යුනිට් 3ක් ක්‍රියාත්මක බවත් ඒකක 1 සහ 3 තුළ අලුත් ගල් අගුරු යෙදීම නිසා ඒවා බාල බවට පෙනී යන බවත් බාල ගල් අගුරු නිසා විදුලි බල පද්ධතියට ගැටලුවක් නොවන බවත් පුනර්ජනනීය බලශක්තිය තුළින් එය ආවරණය කළ හැකි බවට පැවසුවත් එය අසත්‍යයක් බවත් වංචාව නිසා මගහැරුණු ප්‍රමාණය උත්පාදනය කළ යුත්තේ පුනර්ජනනීය නොවන බලශක්තිය හෙවත් ඉන්ධන මාෆියාවට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දැන්වත් මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්න
නොරොච්චෝල බලාගාර විද්‍යාගාරය දකුණු අප්‍රිකානු ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට අනාවරණය කර ගෙන ඇති බවත් එය සත්‍ය වාර්තා බවත් මේ තුළින් මේ ගල් අගුරු බාල බවට පෙනී යන බවත් මේ බල ගල් අගුරු ගෙන්වීමේ කුමන්ත්‍රණය නිසා රටේ ජනතාවට වන්දි ගෙවන්න සිදුවන බවත් දැන්වත් මහජන උපයෝගීතා කොමිසම විදුලි පාරිභෝගිකාය රැක ගන්න කටයුතු කළ යුතු බවත් විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ ගල් අගුරු වංචාව පිළිබඳ ජනතාවගේ පැත්තෙන් බලා පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එය මහජනතාවට විවෘත විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ නායකත්වයෙන් ගල් අගුරු වංචාව ගැන හොයන්න පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි
විපක්ෂ නායක කාර්යාලය පවා විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥයන් කැඳවා ඔවුනගේ අදහස්ද ගෙන නිවැරදි තොරතුරු හා දත්ත ජනතාවට ඉදිරිපත් කරන බවත් මේ වංචාව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇති කර එහි සභාපතිකම විපක්ෂයට යා යුතු බවත් එහි සංයුතියේ බහුතර විපක්ෂයට යා යුතු බවත් එවිට සත්‍ය අනාවරණය කර ගත හැකි බවත් අද මේ රජය නිසා පුනර්ජනනීය බලශක්තියට මරු පහරක් එල්ල වි ඇති නිසා මේ ගල් අගුරු වංචාව ගැන අපක්ෂපාතී විමර්ෂණයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.




