දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී අද (24) පැවැත්විණ.
එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක්ම සිදු කෙරින.
ශ්‍රී පාදස්ථාන නායක ස්වාමින්වහන්සේ, නාගදීප නායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම ජන්මදින සැමරුමට වැඩම කර සිටියහ.
හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මෙන්ම මහාචාර්ය ජීඑල් පීරිස්, දොස්තර රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, සාගල රත්නායක, මනූෂ නානායක්කාර ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිටින විදෙස් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයකි.
ඉන්දියානු, චීන, ඉන්දුනීසියා, වියට්නාම්, තුර්කි, බංගලිදේශ, පලස්තීන, මියන්මාර, නේපාල, වියට්නාමය ඇතුළු රටවල් රැසක තානාපතිවරුන් මහ කොමසාරිස්වරූන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියේය.
දේශපාලනඥයින් ඇතුළු විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ද මෙම අවස්ථාවට එක් වූ නිසා එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද යම් යම් කතාබස් සිදුවී තිබේ.
මෙහිදී පිළියෙළ කර තිබූ දානය සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් පිළිගැන්වූ ආහාර සම්බන්ධයෙන්ද විදෙස් රටවල තානාපතිවරුන්ගේ වැඩි අවධානයක් යොමු වූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද ආහාර ආහාර වර්ග සම්බන්ධයෙන් ඔවුන් තුළ දැඩි උනන්දුවක්ද ඇති වී තිබිණ.
| hirunews





