The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායක ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් අමාත්‍ය විජිත හමුවෙයි

T

The Leader Desk

February 24, 2026 • 4:25 PM

ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායක ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් අමාත්‍ය විජිත හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් ඊයේ (23) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වුහ.
  • මහා කුම්භ මේලා උත්සවයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යාත්මික නායකයෙකු වන ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ්, ගිහි සහ පැවිදි නියෝජිතයන් 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමග ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියහ.
  • එම පිරිස මෙරට රැඳී සිටින කාලය තුළ නුවරඑළිය, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු විවිධ ප්‍රදේශවල පිහිටි ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීමට නියමිතය.
  • මෙම සංචාරය තුළින් දෙරටේ පවතින ආගමික උරුමයන් සහ ශිෂ්ටාචාරමය සබඳතා මත ගොඩනැඟුණු අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතා මැනවින් පිළිබිඹු කරන බවත්, මෙවැනි සංචාර දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ආගමික හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් දායක වන බවත් අමාත්‍යවරයා පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් ඊයේ (23) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වුහ.

මහා කුම්භ මේලා උත්සවයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යාත්මික නායකයෙකු වන ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ්, ගිහි සහ පැවිදි නියෝජිතයන් 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමග ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියහ.

එම පිරිස මෙරට රැඳී සිටින කාලය තුළ නුවරඑළිය, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු විවිධ ප්‍රදේශවල පිහිටි ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීමට නියමිතය.

මෙම සංචාරය තුළින් දෙරටේ පවතින ආගමික උරුමයන් සහ ශිෂ්ටාචාරමය සබඳතා මත ගොඩනැඟුණු අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතා මැනවින් පිළිබිඹු කරන බවත්, මෙවැනි සංචාර දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ආගමික හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් දායක වන බවත්  අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම දීර්ඝකාලීන ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින් විශේෂයෙන් ඉන්දීය බැතිමතුන් අතර ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සහ උරුමයන් මත පදනම් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය අවස්ථාවක් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

vcsfawuj

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...