The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා චෙස් වංචා, දුෂණ විමර්ශන ඇරඹේ

T

The Leader Desk

February 25, 2026 • 4:20 AM

ශ්‍රී ලංකා චෙස් වංචා, දුෂණ විමර්ශන ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අභියාචනා උපදේශක කමිටුවේ ලේකම් රන්දිකා ගමගේ විසින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තිදෙනාට කමිටුව හමුවට 2026 පෙබරවාරි 26 වැනිදා පැමිණෙන ලෙසය.
  • ඇගේ අත්සනින් යුත් ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සිදුවන දුෂණ, අක්‍රමිකතා පිළිබඳව විරෝධය දක්වමින් උපදේශක කමිටුවට අභියාචනයක් ලැබී ඇති බවය.
  • ශ්‍රීලංකා චෙස් සම්මේලනයේ ප්‍රධානින් වග උත්තරකරුවන් කරමින් මෙම අභියාචනාව 2025 ජුනි 06 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෙත යොමු කොට ඇත්තේ `ලංකා චෙස් සංගමය වෙනුවෙන් අමාලි කළුපහන, තමීර වික්‍රමතුංග සහ කෞශල්‍ය විරවර්ණ විසිනි.
  • අදාළ විමර්ෂණය පෙබරවාරි 19 වැනිදා අභියාචනා උපදේශක කමිටුව හමුවට ඉදිරිපත් කළ මුත්, වගඋත්තරකාර පාර්ශවය වූ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ප්‍රධානින් එදින සහභාගී නොවිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අභියාචනා උපදේශක කමිටුවේ ලේකම් රන්දිකා ගමගේ විසින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තිදෙනාට කමිටුව හමුවට 2026 පෙබරවාරි 26 වැනිදා පැමිණෙන ලෙසය.

ඇගේ අත්සනින් යුත් ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සිදුවන දුෂණ, අක්‍රමිකතා පිළිබඳව විරෝධය දක්වමින් උපදේශක කමිටුවට අභියාචනයක් ලැබී ඇති බවය.

ශ්‍රීලංකා චෙස් සම්මේලනයේ ප්‍රධානින් වග උත්තරකරුවන් කරමින් මෙම අභියාචනාව 2025 ජුනි 06 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෙත යොමු කොට ඇත්තේ  `ලංකා චෙස් සංගමය වෙනුවෙන් අමාලි කළුපහන, තමීර වික්‍රමතුංග සහ කෞශල්‍ය විරවර්ණ විසිනි.

අදාළ විමර්ෂණය පෙබරවාරි 19 වැනිදා අභියාචනා උපදේශක කමිටුව හමුවට ඉදිරිපත් කළ මුත්, වගඋත්තරකාර පාර්ශවය වූ  ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ප්‍රධානින් එදින සහභාගී නොවිණි. එහෙත්, ඔවුන්ට කරුනු දැක්වීම සඳහා වෙනත් දිනෙක අවස්ථාවක් ලබා දියයුතු බවට එහිදී තීරණය විය.

අභියාචනා කමිටු ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ප්‍රධානින්ට අවධාරණය කර ඇත්තේ මෙම කමිටුව විසින් ගන්නා නිගමන හා නිර්දේශ එම සම්මේලනයේ ඉදිරි ක්‍රියා මාර්ග වලට බලපාන බවය. එමනිසා ඒ අවස්ථාවේදීම කරුණු දැක්වීමට, සාක්ෂි දීමට හා සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍ය අවකාශය ඔවුන්ට ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ලක්ෂ්මන් විජේසුරිය වන අතර කණිෂ්ක වැලිපිටිය ලේකම්ධුරය හොබවයි. භාණ්ඩාගාරික වන්නේ ඉරෝෂ් ජයසිංහ ය.

කොළඹ 07, නිදහස් චතුරශ්‍ර ක්‍රීඩා පිටිය අසල, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ කායවර්ධන මාධ්‍යස්ථානය අසල ස්ථාපිත අභියාචනා උපදේශක කමිටු රැස්වීම් ශාලාවේදී අදාළ විමර්ෂණය පැවැත්වීමට නියමිතය.

 

1000551895

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...