The Leader News
BREAKING
Top Ad
පුවත්

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි

T

The Leader Desk

February 25, 2026 • 4:59 PM

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
  • ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.
  • වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.
  • එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්විය.

අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.

එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.

චැනල් 4 හෙළිකළ අදිසි හස්තය ?

මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.

ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.

ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකිනි.

මේ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.

එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ ව අද පෙ.ව. 8.10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පසුව ප්‍රකාශ කළේය.

ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියෙක් ....

මේජර් ජනරාල් සුරේෂ් සලේ මේවනවිට ප්‍රකට රාජ්‍යතන්ත්‍රීකයකු වන හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ විසින් පවත්වාගෙන යනු ලබන ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර ඔහු අද උදැසන පෑලියගොඩ පිහිටි සිය කාර්යාලයේ සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණ.

අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඔහුගේ නිවසට ගොස් ඇති පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක් පැය ගණනාවක් එම නිවාස සෝදිසි කිරීමෙන් අනතුරුව ඔහු විසින් භාවිත කරන පරිගණක, ජංගම දුරකථන සහ ඔහුගේ ලිපිගොනු  රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

(මුලාශ්‍රය | adaderana)

 
සබැඳි ලිපි :

සම්මුති විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව සහ සුරේශ් සලේ ගේ සාක්ෂිය | සුනන්ද දේශප්‍රිය

පාස්කු ඉරුදින ප්‍රහාරය: මේ දක්වා සිදුවූයේ කුමක් ද සහ විමර්ශනවල ප්‍රගතිය කුමක් ද?

පාස්කු මහ මොළකරු ගැන 'නවතම' සොයා ගැනීම සහ රනිල් ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව | Saroj Pathirana

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා - උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?

උදය ගම්මන්පිල, පාස්කු ඉරිදා ප්‍රහාරයේ ‘ඉමාම් කමිටු වාර්තාව’ ජනගත කරයි

'මමයි දෙවන එමීර්වරයා' - පාස්කු සංහාරය ගැන නවුෆර් FBI යට කියල !

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ' මහමොළකරු' හෙළිකරයි !

බුද්ධි අංශ ප්‍රධානි සලේගේ නඩුව: යස්මින් සූකාට සහ වෙබ් අඩවිකරුවන්ට සිතාසි

පාස්කු ඉරුදින ප්‍රහාරය :සාරා ජෙස්මින්ගේ DNA ගැන මෙතෙක් නොදැන සිටි කතාව

තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...