The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංවිම අද සංකේත වැඩ වර්ජනයක ! ; රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරීයට

T

The Leader Desk

February 26, 2026 • 3:58 AM

ලංවිම අද සංකේත වැඩ වර්ජනයක !  ;  රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරීයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසදුම් ලැබී නොමැති බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.
  • ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසීය.
  • විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සියලු සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් ඊට එරෙහි එක් පියවරක් ලෙස, මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු තවදුරටත් පැවසීය.
  • රේගු නිලධාරීන්ගේ මීළඟ පියවර.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසදුම් ලැබී නොමැති බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.

ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සියලු සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් ඊට එරෙහි එක් පියවරක් ලෙස, මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු තවදුරටත් පැවසීය.

රේගු නිලධාරීන්ගේ මීළඟ පියවර...

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵල මත ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත පැවසුවේ පසුගිය අඟහරුවාදා දිනයේ සිට කළු පටි පැලැඳ රාජකාරී කටයුතු සිදුකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...