The Leader News
BREAKING
Top Ad
පුවත්

'පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා ! - කතෝලික සභාව

T

The Leader Desk

February 26, 2026 • 11:28 AM

'පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා ! - කතෝලික සභාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උන්වහන්සේ එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ, අද (පෙබ:26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
  • එම මාධ්‍ය හමුව පැවැත්වූයේ, ඊයේ (පෙබ: 25) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් පසුබිමක ය.
  • "දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන," බව ද උන්වහන්සේ පැවසුහ.
  • ''මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ'' "මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


උන්වහන්සේ එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ, අද (පෙබ:26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුව පැවැත්වූයේ, ඊයේ (පෙබ: 25) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් පසුබිමක ය.

‘'පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට හෑලි ලියන්න එපා’'

පාස්කු දා ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් වෙනුවෙන් සමාජ මාධ්‍යයේ හෑලි ලිවිම අවශ්‍ය නොවන බව පැවසු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පියතුමන්, මෙම සිද්ධිය දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නොවන බවත් පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුවන විමර්ශන ස්වාධීනව කිරීමට ඉඩ ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

"දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන," බව ද උන්වහන්සේ පැවසුහ.

කතෝලික සභාවේ මතය පැහැදිලි කරමින් උන්වහන්සේ තවදුරටත් මෙසේද පැවසිය.

''මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ''


"මේක මිනිස් ජීවිත 300ක් අහිමි කරපු මිලේච්ඡ ප්‍රහාරයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය අය. මිය ගිය අය අතර හැම ආගමකටම, හැම ජාතියකටම අයිති අයත් ඉන්නවා. මේක සමූළ ඝාතනයක්.

මේක පිටුපස තියෙන සත්‍ය හොයාගැනීම කියන්නේ, මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා ඕනෑ කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. එහෙම නොවුණොත්, සිද්ධ වෙන්නේ නීතියට සමහරු බය නැහැ කියන එක. යම් අපරාධයක් කරලා සැඟවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපරාධ කිරීමට බිය නොවීම කියන එක ඔප්පු වෙනවා. මේක අපිට පිළිගන්න බෑ.

මේ විදිහේ ප්‍රකාශ කරන සහ අත්අඩංගුවට ගැනීමට විවිධ අර්ථකථන දෙන අය දිහා බැලුවාම තේරෙනවා. ඒගොල්ලන්ගේ පිටුපස තියෙන න්‍යාය පත්‍රය මොකක්ද කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ. මේක සී.අයි.ඩී එක කරන ස්වාධීන විමර්ශනයක්. ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ.

එහෙම නැතිව මේ විමර්ශන කඩාකප්පල් කරන උත්සහ අපි දකින්නේ මේ ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණ සහ ආබාධිත වුණ වින්දිතයින්ට සිදු කරන අසාධාරණයක් ලෙසයි. ඒ නිසා අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනවලට බාධා කරන්න එපා. මේ විමර්ශන ඉදිරියට යන්න ඕනේ. ඒ විමර්ශනවලින් යම් ප්‍රතිඵලයක් එයි කියලා අපි විශ්වාස කරනවා.

මේකෙන් බොහෝ දෙනෙක් කතා කරන දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා ද නැද්ද කියලා සහ එහෙම තිබුණා නම් කවුද ඒක කළේ.? මේ ප්‍රහාරය සිද්ධ කළේ ඇයි කියන දේවල් අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ඒකට කවුරු හරි බාධා කරනවා නම් අපි දකින්නේ ඒක වින්දිතයන්ට එරෙහිව කරන මහා අපරාධයක් හැටියට. ඒ නිසා කරුණාකරලා මේ විමර්ශන ඉදිරියට අරන් යන්න ඉඩදීලා ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...