The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

T

The Leader Desk

February 26, 2026 • 4:27 PM

 ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
  • ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.
  • ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විස්තීර්ණ ආපදා ව්‍යවසනයෙන් දින 93ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රෑ නොබලා අඛණ්ඩව සේවය කරමින්, රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර ඇති බව සංගම් පෙන්වා දෙයි.
  • එමෙන්ම, ආපදා කටයුතුවලට අදාළ වන්දි හා ප්‍රතිපූර්ණ ගෙවීම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී තාක්ෂණික නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මේ බව සඳහන් කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විස්තීර්ණ ආපදා ව්‍යවසනයෙන් දින 93ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රෑ නොබලා අඛණ්ඩව සේවය කරමින්, රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර ඇති බව සංගම් පෙන්වා දෙයි.

එමෙන්ම, ආපදා කටයුතුවලට අදාළ වන්දි හා ප්‍රතිපූර්ණ ගෙවීම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී තාක්ෂණික නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

තමන් ඉටුකර ඇති මෙම දැඩි සේවාවට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඒකාබද්ධ වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කළ බව සංගම් වැඩිදුරටත් අවධාරණය කරයි.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක | The Leader