The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමාණ්ඩුව යටතේත් උතුරේ ඉඩම් කොල්ලය දිගටම

T

The Leader Desk

February 27, 2026 • 3:49 AM

මාලිමාණ්ඩුව යටතේත් උතුරේ ඉඩම් කොල්ලය දිගටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “කොක්කුතොඩුවායි මධ්‍යම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ කෝට්ටෙයිකේනි ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ පාරම්පරික කෘෂිකාර්මික ඉඩම් ආක්‍රමණය කර ලුණු ලේවායක් ඉදිකිරීමට උත්සාහ කර තිබෙනවා.
  • දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර නොගත යුතු බවට මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාව උල්ලංඝනය කරමින් තමයි මේ වැඩේ කරන්න උත්සාහ කරන්නේ.
  • “අපේ ඉඩම් තුළ කුඹුර මැද අලි වැටක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව කොක්කුතොඩුවායි ගොවි සංවිධානය මට දැනුම් දුන්නා.
  • ඔවුන් දැනටමත් අපේ ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන් හමු වී ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් පෙබරවාරි 24 වැනිදා පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර තිබුනේ මහවැලි සංවර්ධන අධිකාරිය යුද පීඩිත කොක්කුතොඩුවායි මධ්‍යම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ලුණු ලේවායක් අලුතින් ආරම්භ කිරීම සදහා දෙමළ ජනතාවගේ පාරම්පරික ගොවිබිම් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු කිසිදු අවසරයකින් තොරව මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

“කොක්කුතොඩුවායි මධ්‍යම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ කෝට්ටෙයිකේනි  ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ පාරම්පරික කෘෂිකාර්මික ඉඩම් ආක්‍රමණය කර ලුණු ලේවායක් ඉදිකිරීමට උත්සාහ කර තිබෙනවා. දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර නොගත යුතු බවට මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාව උල්ලංඝනය කරමින් තමයි මේ වැඩේ කරන්න උත්සාහ කරන්නේ. මේ පිළිබඳව අපි දිස්ත්‍රික් ලේකම්වරයාටත් දැනුම් දී තිබෙනවා. මෙය තහනම් කාරණයක්.”

ඔවුන් එම කටයුතු ආරම්භ කර ඇත්තේ ලුණු ලේවාය ඉදි කිරීම සදහා දෙමළ ජනයාගේ ඉඩම් ලබා දෙන ලෙස මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මීට මාස තුනකට ඉහත දී මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් කළ ඉල්ලීම එම කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී බවයි දෙමළ ජනතා නියෝජිතයා පවසන්නේ.

02 17

වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් පෙබරවාරි 24 වැනිදා පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබුනේ කොක්කුතොඩුවායි ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු වලට පීඩාකාරී වන අයුරින් අලුතින්  අලි වැටක් ඉදි කිරීමේ සුදානමක් සම්බන්ධයෙන්ද ප්‍රදේශයේ ගොවි සංවිධානය තමන් දැනුවත් කර ඇති බවයි.

“අපේ ඉඩම් තුළ කුඹුර මැද අලි වැටක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව කොක්කුතොඩුවායි ගොවි සංවිධානය මට දැනුම් දුන්නා. ඔවුන් දැනටමත් අපේ ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. මේ අතර, අපේ කෘෂිකාර්මික ඉඩම් තුළ අලි වැටක් ඉදිකරනවා නම් ඒකට ඉඩදෙන්නේ කොහොමද? ඒක මායිමක හෝ කැලෑ ප්‍රදේශයක ඉදිකරන්න ඕනේ. ගොවි  සංවිධානයවත් මේ ගැන දැනුවත් කරලා නැහැ. දිස්ත්‍රික් ලේකම්වරයාගේවත් අනුදැනුමකින් තොරව තමයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ.”

රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව තිබුනි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...