The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියාවේ සිට ගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

T

The Leader Desk

February 27, 2026 • 5:17 AM

ඉන්දියාවේ සිට ගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැකකාර ''පොඩි ලැසී'' දිවයිනට රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් සේවයට අයත් යානයෙනි.
  • දකුණු පළාතේ මිටියාගොඩ, අම්බලන්ගොඩ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය හා මිනි මැරුම් සඳහා අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වෙක් මොහු අද දිනයේදි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් පැවැසිය.
  • අධිකරණ නියෝග අනුව ඉදරි විමර්ශන සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.
  • ''පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොඩි ලැසීව ඇල්ලුවේ ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව බව පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.
අකුරු ප්‍රමාණය (Font Size):


සැකකාර ''පොඩි ලැසී'' දිවයිනට රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් සේවයට අයත් යානයෙනි.

දකුණු පළාතේ මිටියාගොඩ, අම්බලන්ගොඩ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය හා මිනි මැරුම් සඳහා අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු වෙක් මොහු අද දිනයේදි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර් පැවැසිය.

අධිකරණ නියෝග අනුව ඉදරි විමර්ශන සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.

''පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොඩි ලැසීව ඇල්ලුවේ ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව බව පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්, ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව කියා සිටියේය.

2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ ව‌‌ගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව  එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ  රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා."



ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන..

බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වන දා බන්ධනාගාරයෙන් පිටව ගියේ දැඩි රැකවරණ සහිතව වාහන පෙළපාළියකිනි.

ඒ වන විට ලැසීට එරෙහිව විදෙස් ගමන් තහනමක් ක්‍රියාත්මක වූ නමුත් ඔහු ඉන් පසු ඉන්දියාවට පළා ගොස් තිබිණි.

ඔහු නැවතත් 2025 ජනවාරියේ මුම්බායිහිදී අත්අඩංගුවට පත්ව තිබුණේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඉන්දියාවෙන් පිටවීමට උත්සාහ කිරීමේදීය.

නීති විරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ලැසී වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට මෙරට නීතිඥවරුන් ඉදිරිපත්ව තිබූ අතර ලැසී මෙසේ නැවතත් ලංකාවට රැගෙන ඒමට හැකිවුයේ වසරක කාලයකට පසුවය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවේ සිට ගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට | The Leader