The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලොක්කන්ට නොකියා ! - ආණ්ඩුවේ රණවිරු ලොක්කෝ කලබල වෙති !!

T

The Leader Desk

February 27, 2026 • 7:53 AM

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලොක්කන්ට නොකියා ! - ආණ්ඩුවේ රණවිරු ලොක්කෝ කලබල වෙති !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද අපගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලාශ්‍ර ප්‍රකාශ කරයි.
  • සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පහත යටතේ පොලිස් අධිකාරිවරයකුගේ නිලය මත රඳවා පැය 72ක කාලයක් හෙවත් දින තුනක කාලයක් සඳහා රඳවා තබාගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඉන් ඔබ්බට එම පනත යටතේ ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වේ.
  • එම වාර්තා වැඩසටහනේදී අසාත් මවුලනා ප්‍රකාශ කරන්නේ සහරාන්ගේ කල්ලිය සමඟ සුරේෂ් සලේ ගනුදෙනු කළ බවයි.
  • මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අසාත් මවුලනා නිශ්චිත පිළිතුරක් ලබාදී නැතැයි වාර්තා වන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මෙන් පසු ආපසු යා හැකිද යන ප්‍රශ්නය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ හේතුවෙන් ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා, ආරක්ෂක අමාත්‍යාංය ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යශ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස කරකියාගත නොහැකි තත්වයකට පත්වී ඇති බවත්, ආණ්ඩුවේ ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානයේ ප්‍රධානීන්ද කලබලයට පත්වී ඇති බවත් වාර්තාවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් කල්ලිය විසින් මඩකලපුව වව්නතිව් මුරපොළේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඔවුන් සතු ගිනි අවි රැගෙන යෑම සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනා සමඟ සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට හමුදා ඔත්තුකරුවන් ලෙස වැටුප් ගෙවීම ඇතුළු නැගෙනහිර පළාතේ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම බිහිකිරීම හා ඒවාට ආධාර අනුබල දීම යටතේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද අපගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලාශ්‍ර ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පහත යටතේ පොලිස් අධිකාරිවරයකුගේ නිලය මත රඳවා පැය 72ක කාලයක් හෙවත් දින තුනක කාලයක් සඳහා රඳවා තබාගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඉන් ඔබ්බට එම පනත යටතේ ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වේ.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනක් සඳහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලබාදුන් සිවනේසතුරේ චන්ද්‍රකන්නන් ගෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අසාත් මවුලනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව උත්සාහයක නිරත වී සිටින බවද ඒ අතර වාර්තාවේ.

එම වාර්තා වැඩසටහනේදී අසාත් මවුලනා ප්‍රකාශ කරන්නේ සහරාන්ගේ කල්ලිය සමඟ සුරේෂ් සලේ ගනුදෙනු කළ බවයි.

මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අසාත් මවුලනා නිශ්චිත පිළිතුරක් ලබාදී නැතැයි වාර්තා වන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මෙන් පසු ආපසු යා හැකිද යන ප්‍රශ්නය යි.

('අනිද්දා' පුවත්පත ප්‍රධාන පුවත | ඉඳුවර බණ්ඩාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...