The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ වෛද්‍ය සංගමය දැඩි තීරණයක ! - ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට යයි

T

The Leader Desk

February 27, 2026 • 2:54 PM

රජයේ වෛද්‍ය සංගමය දැඩි තීරණයක ! - ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසයි.
  • සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
  • එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.
  • තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් වන බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය  පවසයි.

සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් වන බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය  සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය,

''මේ වෙනකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක නියැලිලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ නියැලිලා ඉන්නේ මහජනතාවට සහ මේ රෝගී ජනතාවට අවම හානියක් සිද්ධ වෙන විදිහටත් රජයට අවශ්‍ය පණිවිඩය දැනෙන ආකාරයෙන් ලබා දෙන විදිහටත්. නැතුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න බැරුව හරි, මීට වඩා ලොකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න බැරිකමක් නිසා නෙමෙයි.

අපිට අවශ්‍ය නෑ මේ රෝගී ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට අවශ්‍යවෙලා තියෙන්නේ රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් හා වගකිවයුතු පාර්ශවයන් සමග මේ ගැටළුව විසඳගන්න. නමුත් කියන්න කනගාටුයි අපි මේ විදිහට පුළුවන් උපරිම ආකාරයට නම්‍යශීලී වෙලා කටයුතු කරද්දී රජයේ පාර්ශවයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඉතාමත්ම උද්දච්ච විදිහට තමා වැඩ කරන්නේ.

23,000කට අධික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඒකමතිකව එක හඬින් අපි ඉදිරිපත් කරනවා රජයකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට, මේ ප්‍රශ්න විසඳන්න කියලා. සමහර ඒවා ගොඩක් කල් ඇදි ඇදී තියෙන ප්‍රශ්න. සමහර ඒවා ආණ්ඩුවෙන්, මහ භාණ්ඩාගාරයෙන් සත පහකවත් වියදමක් යන්බේ නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඒවා එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් විසඳන්නේ නැහැ... එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේ සම්බන්ධව අපි දිගටම පසුගියදා පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් කතා කරා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුවේ තියෙන මේ උද්දච්ච ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක පසුගිය 25වනදා තිබුණු මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.''

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...