The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිඥ බුද්ධික මැරුවාට සැකකාර නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටි බව තවම තහවුරු නෑ

T

The Leader Desk

February 27, 2026 • 3:30 PM

 නීතිඥ බුද්ධික මැරුවාට සැකකාර නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටි බව තවම තහවුරු නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ මාර්තු 13 වැනිදා ගාල්ල, අක්මීමන, තලගලදී සිදුවූ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි විශ්‍රාමික බන්ධනාගාර නිලධාරි සිරිදත් ධම්මික ට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන 06ක තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
  • මේ කිසිදු ඝාතනයකට තමාව පොලීසියට හසුවී නැති බවත් බන්ධනාගාර අධිකාරිවරයාගේ ඝාතනය හා නීතිඥවරයාගේ ඝාතනය හැරුණු කොට තමන් කළ අ‍‍නෙකුත් ඝාතන ගැන පැහැදිලි මතකයක් නොමැති බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
  • සෙසු ඝාතන සියල්ලක්ම ඇල්පිටිය හා ඒ අවට සිදු කළ බව ද ඔහු පවසා තිබේ.
  • මේ සියලු ඝාතන සිදු කරනු ලැබුවේ කරන්දෙණියේ සුද්දාගේ කීමට බව ද ඔහු පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

2025 වසරේ මාර්තු 13 වැනිදා ගාල්ල, අක්මීමන, තලගලදී සිදුවූ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි විශ්‍රාමික බන්ධනාගාර නිලධාරි සිරිදත් ධම්මික ට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන 06ක තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ කිසිදු ඝාතනයකට තමාව පොලීසියට හසුවී නැති බවත් බන්ධනාගාර අධිකාරිවරයාගේ ඝාතනය හා නීතිඥවරයාගේ ඝාතනය හැරුණු කොට තමන් කළ අ‍‍නෙකුත් ඝාතන ගැන පැහැදිලි මතකයක් නොමැති බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සෙසු ඝාතන සියල්ලක්ම ඇල්පිටිය හා ඒ අවට සිදු කළ බව ද ඔහු පවසා තිබේ.

මේ සියලු ඝාතන සිදු කරනු ලැබුවේ කරන්දෙණියේ සුද්දාගේ කීමට බව ද ඔහු පවසා ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අවස්ථා 04කදී තමාව පොලීසියට හසුවී ඇතත් වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලීසියට හසුවී නැති බව ද ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

ඒ අනුව ඇල්පිටිය හා ඒ අවට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් තොරතුරු පොලිස් අපරාධ ලේඛනාගාරයෙන් ලබාගෙන එම ස්ථානවලට සැකකරු රැ‍ගෙන ගොස් ඔහු විසින් කළ ඝාතන පැහැදිලිවම හඳුනා ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ නීතිඥවරයා වරක් මෙම සැකකාර වෙඩික්කරුගේ මත්කුඩු නඩුවකට ද පෙනී සිට ඇත. කරන්දෙණිය සුද්දා විසින් නීතිඥවරයාව ඒ සඳහා යොදවා තිබී ඇති බව ද සැකකරු පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තමා වෙනු‍වෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට කරන්දෙණිය සුද්දා විසින් තමාට පවරා ඇතැයි දැන නොසිටි බව ද ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. නීතිඥවරයාව හඳුනාගනු ලැබුවේ අකුරේගොඩදී මෝටර් රථය අසලට ගොස් වෙඩි තැබීමට සූදානම් වන විට බව ද ඔහු පවසා ඇත.

නීතිඥවරයා‍ගේ බිරියට තමා වෙඩි තබන විට ගිනිඅවිය අගුල් වැටුණු බවත් ඒ බව දැනගත් නීතිඥවරයාට වෙඩි තැබූ ප්‍රධාන වෙඩික්කරු නීතිඥවරයාගේ බිරියට ඔහු අතවූ ටී 56 අවියෙන් වෙඩි කිහිපයක් තැබූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

තමාව රටින් පැන්නීමට ව්‍යාජ නමකින් විදෙස් ගමන් බලපත්‍රයක් පවා සකස් කරනු ලැබුවේ කරන්දෙණිය සුද්දා විසින් බව ද ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය පොලිස් විශේෂ කාර්ය බළකායට හසුවීම හේතුවෙන් තමාට රටින් යෑමට නොහැකි වූ බව ද සැකකරු පවසා ඇත.

දේශබන්දු තෙන්කෝන් ට  අයත් බව කියන මහනුවර පිහිටි නි‍ෙවසේ රැඳී සිටි අය අතර මෙම සැකකරු සිට ඇති බව මෙතෙක් තහවුරු නොවන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම සැකකරු වයස අවුරුදු 40ක් පමණ වන කනංකේ, කඩවීදිය ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු වන හිටපු නාවික හමුදා සෙබළෙකි. ඔහු 2009 වසරේදී නීත්‍යනුකූලව නාවික හමුදා‍‍වෙන් ඉවත් වූවෙක් බව පොලීසිය කියයි. මොහු සමඟ මොනරාගලදී අත්ඩංගුවට ගත් සෙසු සැකකරුවන් අවුරුදු 27 හා 46 වයස්වල පසු වන අම්බලන්ගොඩ සහ අංගොඩ පදිංචිකරුවන්ය.

මේ වන විට මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධ‍යෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

(දිනමිණ වාර්තාවකි | Jayantha Wicremathunga)

උපුටා ගැනීම - whatnews.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...