විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අද වන විට ගල් අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් ඇති බවත් ගල් අඟුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී සජිත් ප්‍රේමදාස පැවසුවේ මෙම ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම, අවිධිමත්, අසාර්ථක, ප්‍රසම්පාදන ක්‍රමවේදය හේතුවෙන් වන අතර ගල් අගුරු වංචාවක් තුළ බාල ගල් අගුරු ගෙන්වීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවය.
එමෙන්ම වසරකට ගල් අඟුරු නැව් 36ක් අප රටට අවශ්‍ය වී ඇති මොහොතක ගුණාත්මකභාවයෙන් ඉහළ රුසියානු නැව් 11ක් පමණක් අප රටට පැමිණ ඇති බවත් තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩරයක් හරහා ආනයනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගෙන ආ 10න් 9ක්ම බාල ගල් අඟුරු
ඉන් ගෙන ආ 10න් 9ක්ම බාල ගල් අඟුරු යැයි ඔප්පු වී ඇති මොහොතක හදිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.
එසේම මෙම හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා බොහෝ දුරට රටට, ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රජය ගෙන් වූ ගල් අඟුරු නැව් 9යෙන් මෙගාවොට් 300 නිපදවිය නොහැකි බවත් මේ බාල ගල් අඟුරු නිසා මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවත් මේ වංචාව නිසා රටටත් ජනතාවටත් රජයටත් විශාල පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙම ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා අනාවරණය කළ යුතු බවත්, මේ ගල් අගුරු වංචාව ගැන රටට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් රජය මේ මහමොළකරුවාට ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් ය.




