The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ ක්‍රීඩකයන් රැසක් බුකිකරුවන්ට ගොදුරු වෙලා - ‍පොලිසිය කියයි

T

The Leader Desk

February 28, 2026 • 4:23 AM

ලංකාවේ ක්‍රීඩකයන් රැසක් බුකිකරුවන්ට ගොදුරු වෙලා - ‍පොලිසිය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම තරගාවලි සඳහා අනුග්‍රාහකයන් ලෙසින් විවිධ අයුරින් පෙනී සිටින මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන මගින් මෙරට ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුකරගෙන තිබෙන බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.
  • ක්‍රිකට් ඇතුළුව වෙනත් ඕනෑම ක්‍රීඩාවක නිරත ක්‍රීඩකයකු මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන සමග සෘජුව හෝ වක්‍රව සබඳතාවක් පැවැත්වීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් වන බැවින් ඒ පිළිබඳව තොරතුරු හෝ පැමිණිලි යොමු කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය දැනුම් දෙයි.
  • මෙලෙස ඔට්ටු තැබීමේ ආයතන අතර පවතින තරගකාරිත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුවී තිබෙනවා.
  • ඇතැම් ක්‍රීඩකයන් එවැනි ආයතන සමග සබඳතා පවත්වන බවටද තොරතුරු ලැබී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එම තරගාවලි සඳහා අනුග්‍රාහකයන් ලෙසින් විවිධ අයුරින් පෙනී සිටින මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන මගින් මෙරට ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුකරගෙන තිබෙන බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

ක්‍රිකට් ඇතුළුව වෙනත් ඕනෑම ක්‍රීඩාවක නිරත ක්‍රීඩකයකු මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන සමග සෘජුව හෝ වක්‍රව සබඳතාවක් පැවැත්වීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් වන බැවින් ඒ පිළිබඳව තොරතුරු හෝ පැමිණිලි යොමු කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය දැනුම් දෙයි.

‘‘මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන රැසක් විදෙස් ක්‍රීඩා තරගාවලි සඳහා සම්බන්ධවී තිබෙනවා. එම තරගාවලි පැවැත්වෙන අතරතුර, එම ආයතන අන්තර්ජාලය ඔස්සේ දැවැන්ත ප්‍රචාරයන් සිදු කර ක්‍රීඩකයන් වෙනුවෙන් ඔට්ටු තබනවා. එම තරගාවලි පැවැත්වීමෙන් ලැබෙන ආදායමට වඩා විශාල මුදලක් ක්‍රීඩකයන් වෙනුවෙන් ඔට්ටු තබා උපයා ගන්නවා. මෙලෙස ඔට්ටු තැබීමේ ආයතන අතර පවතින තරගකාරිත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයන් සූදුවට හුරුවී තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයන් එවැනි ආයතන සමග සබඳතා පවත්වන බවටද තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අනාවරණය වන තොරතුරු මත විමර්ශන සිදුකරනවා’’ යැයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවැසීය.

‘‘මෙලෙස මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතන විදෙස් රටවල ලියාපදිංචි කර තිබෙනවා. එම නිසා එවැනි ආයතනවලට එරෙහිව පියවර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මෙරට යම් කිසි ක්‍රීඩකයකු එලෙස මුදලට ඔට්ටු අල්ලන ආයතනයක් සමග සම්බන්ධ වුවහොත් ඔහුට එරෙහිව විමර්ශනයක් කර නීතිපතිවරයාගේ උපදෙස් මත සෘජුවම මහාධිකරණය හමුවේ නඩු පැවරීය හැකියි. එවැනි සිද්ධියකට වරදකරු වන තැනැත්තෙකුට වසර 10 ක් දක්වා සිර දඬුවම් සහ දඩ මුදලක් පැනවිය හැකියි’’ යනුවෙන් ද එම ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

(aruna | ඉෂාර රත්නකාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ ක්‍රීඩකයන් රැසක් බුකිකරුවන්ට ගොදුරු වෙලා - ‍පොලිසිය කියයි | The Leader