The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

T

The Leader Desk

March 1, 2026 • 4:32 AM

කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියා සඳහන් කළේ, අද උදෑසන 06.15 වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 18ක් සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් 25ක් මේ වන විටත් අවලංගු කර ඇති බවයි.
  • ඊයේ (28) දහවල් කටුනායකින් මැදපෙරදිග බලා නික්මුණු ෆිට්ස් එයාර් (FitsAir) සහ එයාර් ඇරේබියා (Air Arabia) යන ගුවන් යානා දෙක ද ගුවන් සීමා අවහිර වීම හේතුවෙන් යළි කටුනායක වෙත පැමිණ තිබේ.
  • දින 07ක වීසා සහන කාලයක් මේ අතර පවතින තත්ත්වය මත මෙරටින් බැහැර වීමට නොහැකිව සිටින විදේශීය සංචාරකයින් සඳහා දින 07ක වීසා සහන කාලයක් ලබා දීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා පියවර ගෙන ඇත.
  • මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් අඩාල වුවද, ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල් සමඟ ක්‍රියාත්මක වන ගුවන් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව බලධාරීන් තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියා සඳහන් කළේ, අද උදෑසන 06.15 වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 18ක් සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් 25ක් මේ වන විටත් අවලංගු කර ඇති බවයි.

ඊයේ (28) දහවල් කටුනායකින් මැදපෙරදිග බලා නික්මුණු ෆිට්ස් එයාර් (FitsAir) සහ එයාර් ඇරේබියා (Air Arabia) යන ගුවන් යානා දෙක ද ගුවන් සීමා අවහිර වීම හේතුවෙන් යළි කටුනායක වෙත පැමිණ තිබේ.

මැදපෙරදිග හෝ එම කලාපය හරහා වෙනත් රටවල් බලා යාමට සැලසුම් කර ඇති මගීන් සඳහා ගුවන් තොටුපොළ බලධාරීන් විශේෂ දැනුම්දීමක් සිදු කරයි:

ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර අදාළ ගුවන් සමාගම් නියෝජිතයන් සම්බන්ධ කරගන්නා ලෙසත්, තම විද්‍යුත් තැපෑල (Email) සහ කෙටි පණිවිඩ (SMS) මගින් ලැබෙන යාවත්කාලීන කිරීම් පරීක්ෂා කරන මෙන් ගුවන් තොටුපොළ බලධාරීන් දැනුම් දෙයි.
 
දින 07ක වීසා සහන කාලයක්
 
මේ අතර පවතින තත්ත්වය මත මෙරටින් බැහැර වීමට නොහැකිව සිටින විදේශීය සංචාරකයින් සඳහා දින 07ක වීසා සහන කාලයක් ලබා දීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා පියවර ගෙන ඇත.

මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් අඩාල වුවද, ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල් සමඟ ක්‍රියාත්මක වන ගුවන් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව බලධාරීන් තහවුරු කරයි.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක් | The Leader