The Leader News
BREAKING
Top Ad
පුවත්

රසවත් පාන් සාදන ප්‍රංශයේ බගෙත් තරගයකින් තවත් ලාංකිකයෙක් ජයගනී !

T

The Leader Desk

March 1, 2026 • 5:16 AM

රසවත් පාන් සාදන ප්‍රංශයේ බගෙත් තරගයකින් තවත් ලාංකිකයෙක් ජයගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ උපන් 43 හැවිරිදි බේකරි නිෂ්පාදකයෙක් වන සීතම්පරපිල්ලෙයි ජෙගදීපන් (Sithamparappillai Jegatheepan) පසුගියදා ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවති “Grand Prix de la Baguette de Tradition Française de la Ville de Paris” නැමති බගෙත් (පාන්) සාදන තරගයක් ජයග්‍රහණය කර ඇත.
  • ඔහු පළමු වතාවට මෙම තරගයට සහභාගී වී ඇති අතර, තරගකරුවන් 142 දෙනෙකු පරාජය කරමින් ඔහු ජයග්‍රහණය ලබා ගැනීමත් විශේෂත්වයකි.
  • පැරිස් නුවර පිහිටි ඔහුගේ “Fournil Didot” බේකරියට යූරෝ 4,000 ක මුදල් ත්‍යාගයක් සහ වසරක කාලයක් එලීසේ මාලිගාවට (Élysée Palace) බගෙත් (පාන්) සැපයීමට ගිවිසුමක් ද හිමිව ඇත.
  • බගෙත්වල පෙනුම, රස, පිසීමේ තත්ත්වය ඇතුළු ගුණාංග කිහිපයක් මත මෙහි විනිශ්චය ලබා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ශ්‍රී ලංකාවේ උපන් 43 හැවිරිදි බේකරි නිෂ්පාදකයෙක් වන සීතම්පරපිල්ලෙයි ජෙගදීපන් (Sithamparappillai Jegatheepan) පසුගියදා ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවති “Grand Prix de la Baguette de Tradition Française de la Ville de Paris” නැමති බගෙත් (පාන්) සාදන තරගයක් ජයග්‍රහණය කර ඇත.

 ඔහු පළමු වතාවට මෙම තරගයට සහභාගී වී ඇති අතර, තරගකරුවන් 142 දෙනෙකු පරාජය කරමින් ඔහු ජයග්‍රහණය ලබා ගැනීමත් විශේෂත්වයකි.

පැරිස් නුවර පිහිටි ඔහුගේ “Fournil Didot” බේකරියට යූරෝ 4,000 ක මුදල් ත්‍යාගයක් සහ වසරක කාලයක් එලීසේ මාලිගාවට (Élysée Palace) බගෙත් (පාන්) සැපයීමට ගිවිසුමක් ද හිමිව ඇත.

පැරිස් නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙම තරගය පවත්වා තිබෙන්නේ, නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

බගෙත්වල පෙනුම, රස, පිසීමේ තත්ත්වය ඇතුළු ගුණාංග කිහිපයක් මත මෙහි විනිශ්චය ලබා දී තිබේ.  වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තරගකරුවන් 143 දෙනෙකු අතරින් සීතම්පරපිල්ලෙයි ජෙගදීපන්ගේ බගෙත් එක හොඳම බගෙත් එක තෝරා ගැනීම විශේෂත්වයකි.
 
තර්ෂන් සෙල්වරාජා
 
ශ්‍රී ලංකාවේ උපන් බේකරි නිෂ්පාදකයෙක් වූ තර්ෂන් සෙල්වරාජා ද 2023 වසරේදී පැරිසියේ හොඳම බගෙත් සාදන තරගයෙන් ජයග්‍රහණය කර එවැනි සම්මානයක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් විය.

එහිදී ඔහුට ප්‍රංශ ජනාධිපතිටත් බගෙත් ලබා දීම සඳහා කොන්ත්‍රාත්තුවක් හිමිවිය.

ඊට අමතරව 2024 ප්‍රංශ ඔලිම්පික් උළෙලේදී, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ද ඔහුට හිමිවිය.

| News1st
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...