The Leader News
BREAKING
Top Ad
පුවත්

'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම්

T

The Leader Desk

March 1, 2026 • 2:11 PM

'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝදි ගේ ට්‍රම්ප් ගේ නවලිබරල් ආර්ථික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දී අවසන් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසිය.
  • ඔහු එබව කියා සිටියේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතරවන ජාතික සමුළුව අමතමිනි.
  • " පන්තියට බලය - බලයට පක්ෂය " තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව අද ( 01 ) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පස්වරු 10.00ට ආරම්භ විය.
  • එහෙම වෙලාවක තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපේ 4වන ජාතික සමුළුව පවත්වන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෝදි ගේ ට්‍රම්ප් ගේ නවලිබරල් ආර්ථික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දී අවසන් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසිය. ය.

ඔහු එබව කියා සිටියේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතරවන ජාතික සමුළුව අමතමිනි.

" පන්තියට බලය - බලයට පක්ෂය " තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව අද ( 01 ) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පස්වරු 10.00ට ආරම්භ විය.

මෙහිදී සමුළුව අමතමින් කුමාර් ගුණරත්නම් තව දුරටත් මෙසේ පැවසිය.

ආණ්ඩුව, ඔවුන්ට ඡන්දය ලබා දුන් මහජනතාව ගේ අභිලාශ උල්ලංඝනය කරමින් යනවා

"අද අපි ඉන්නේ අධිරාජ්‍යවාදීන් ලෝක යුද්ධයකට අර අදිමින් සිටින මොහොතක. ඉරානයේ නායකයා ඝාතනය කළා කියල ට්‍රම්ප් වහසි බස් දොඩමින් ඉන්න මොහොතක් මේක. එහෙම වෙලාවක තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපේ 4වන ජාතික සමුළුව පවත්වන්නේ.


අද අපේ රටේ පාලන බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඉතාම බරපතළ ලෙස ඔවුන්ට ඡන්දය ලබා දුන් මහජනතාව ගේ අභිලාශ උල්ලංඝනය කරමින් යනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව ඉතිහාසයක් පුරාම පෙනී හිටපු පක්ෂයක් තමයි අද බලයට ඇවිල්ලා තිබුණටත් වඩා භයානක PSTA මර්දන පනත සම්මත කරගන්න වලිකන්නේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂය අද බලයට ඇවිත් අධ්‍යාපනය සෞඛ්‍ය වනසන නවලිබරල් IMF ප්‍රතිපත්ති කිසිදු හිරිකිතයක් නැතුව ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන.


අද අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව ඇමරිකාව ඉස්සරහ දණින් වැටිලා විතරක් නැවතිලා නැහැ. මෝදිල ගේ ට්‍රම්ප්ල ගේ නවලිබරල් ආර්ථික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දීලා ඉවරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොන්දක් නැහැ

ඇමරිකාව මේ වෙනකොටත් ඉන්නේ තමන් අතින් ගිලිහෙන ආර්ථික බලය රැකගැනීමේ උමතුවෙන්. මැදපෙරදිගට ඔවුන් පහර පිට පහර දෙනවා. ඊශ්‍රායලය කියන රූකඩ රාජ්‍ය ඉදිරියට දාගෙන අපි දැක්කා ගාසා තීරයේ මහා ජන සංහාරයක් කළ විදිහ.  කිසිදු සදාචාරයක් නැතුව වෙනිසියුලාවට බලෙන් කඩා පැනලා ඒ රටේ ජනාධිපතිවරයව පැහැරගෙන ගියා. ඇමරිකාව මේ කෙළ හලන්නේ වෙනිසියුලානු තෙල් ළිංවලට බව හොඳටම පැහැදිලියි. අද වෙද්දි ආජන්ටිනාව, බොලීවියාව ආශ්‍රිතව තියන ඛනිජ ත්‍රිකෝණයටත් ඇමරිකානු ප්‍රාග්ධනය ඉව අල්ලමින් ඉන්නේ. මේ වෙද්දි  ඉරානයට කඩා පැනලා මහා ජන සංහාරයක් ආරම්භ කරලා ඉවරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවා දිහා නිහඬව බලාගෙන ඉන්නවා.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡ තුච්ඡ බල ක්‍රීඩාවට එරෙහි වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොන්දක් නැහැ. අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙන යුද්ධයට එක එක ලේබල් අලවන්න උත්සාහ කළාට අපි දන්නවා මේක පිටිපස්සෙ තියෙන්නෙ ඇමරිකානු ප්‍රාග්ධනයේ වුවමනාවන්. ලෝකයේ වැඩකරන ජනතාවගේ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකමින් ලාභ උපයගත්ත මහාපරිමාණ ප්‍රාග්ධන හිමියන් මේ වෙද්දි ඉන්නේ උමතුවෙන්.

අපි කියුබාවට හිස නමා ආචාර කරන්නේ ඇයි...?

මේ අධිරාජ්‍යවාදී බල වියරුවට එරෙහිව අපිට තියෙන්නේ එකම විකල්පය යි. ඒ තමයි සමාජවාදය. ජාත්‍යන්තර මට්ටමේ නිර්ධන පන්ති ව්‍යාපාරයක් මගින් විතරයි මේ බල වියරුව පරාජය කරන්න පුළුවන් වෙන්නේ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ සමාජවාදය ජයග්‍රහණය කරවන්න අවශ්‍ය හැම ශක්තියක්ම යොදවනවා.

දැන් සමහරු අහනවා කෝ කියුබාව කළා ද කියලා. අපි ඔවුන්ට කියන්නේ, ඔව් කියුබාව ඉතිහාසය තුළ තමන්ගේ කාර්ය කොටස හරියට ම කරලා ඉවරයි. ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය ක්‍රමය කියුබාවේ තියෙනවා. කොරෝනා කාලේ රටවල් ගණනාවකට ඔවුන් නොමිලේ වෛද්‍ය පහසුකම් දුන්නා. ජාතිවාදයට ආගම්වාදයට යට වෙන ලෝකයක, අධිරාජ්‍යවාදී බල උමතුවක පැටලිලා ජන ඝාතක යුද්ධවලට අර අදින ලෝකයක කියුබාව ඉතාම අසීරුවෙන් රතු ධජය ඔසවගෙන මනුෂ්‍යත්වයට අඬ ගසමින් ඉන්නවා. ඒ නිසා තමයි අපි කියුබාවට හිස නමා ආචාර කරන්නේ.

ඒ කියුබානු ආදර්ශය අපි අමතක කරන්නේ නැහැ. අද මේ අධිරාජ්‍යවාදී බල වියරුව පරාජය කරන්න තියන එකම මග සමාජවාදය බව නැවත නැවතත් තහවුරු වෙලා ඉවරයි.

ආණ්ඩුවේ විනිවිදභාවය ගැන බරපතළ සැකයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි අද ගන්නේ නව ඇරඹුමක්. තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කරපු සියලු දේශපාලන පක්ෂ මේ වෙද්දි සුන්බුන් වෙලා ඉවරයි. ඒ සුන්බුන් ගොඩේ තවදුරටත් මැණික් තියෙයි කියලා හිතන එක මෝඩ කමක්. ඒ ගඳගහන කුණු හෝදලා දාන්න දැන් කාලය ඇවිත්. අපි දන්නවා ජනතාව මාලිමා ආණ්ඩුවට බලය දුන්නේ ඒ වෙනුවෙන්.  හැබැයි ඒ අරමුණු පැත්තකට දාලා ආණ්ඩුව අද හොරු ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට ඇවිත්. අද දේශපාලන සංදර්ශනවලින් මෙහාට මොනවත් වෙන්නේ නැහැ.


ඉන්දියාවට ලංකාවේ තියන ඉඩම් ටික, වරාය ගුවන්තොටුපළවල් විකුණනන්න මේ ආණ්ඩුවත් සැලසුම් කරනවා. ජනතාව ගේ කරමත බදු පිට බදු ගහලා. ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රශ්නය වගේ ඒව නිසා මේ ආණ්ඩුවේ සුජාතභාවය ගැන දැන් ඡන්දෙ දුන්න ජනතාවම ප්‍රශ්න කරන්න අරගෙන ඉවරයි. අද අනුර කුමාර ට්‍රම්ප් එක්ක මෝදි එක්ක රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරනවා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා රටට හෙළි කරලා නෑ. මේවගෙන් මේ ආණ්ඩුවේ විනිවිදභාවය ගැන අපිට මතුවෙන්නේ බරපතළ සැකයක්.

මුහුණු සහ පක්ෂ මාරු කරා ඇති

තවදුරටත් මුහුණු මාරු කරලා පක්ෂ මාරු කරලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් නැහැ. උදාවෙන දේශපාලන මොහොත තුළ මේ රටේ ජනතාව සක්‍රියව දේශපාලනයට මැදිහත් විය යුතු මොහොතක්. 

 
තවදුරටත් මුහුණක්, පක්ෂයක් බලයට ගෙනල්ලා තේරුමක් නැහැ. පන්තියට බලය ලබා ගැනීම තමයි අපිට තියන එකම විසඳුම. අධිරාජ්‍යවාදයට එරෙහිව, IMF නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව, ඇමරිකානු ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව මහජන බලයක් අපි ගොඩනගන්න ඕන. අන්න ඒ ජනතා බලය ගොඩනගන්න එකතුවෙන්න කියලා අපි මේ වෙලාවේ මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරනවා."

 cfhgfhhg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මාලිමා ආණ්ඩුව මුළු රටත් ජනතාවත් පාවා දී අවසන්' - කුමාර් ගුණරත්නම් | The Leader