හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉරානයට එරෙහිව, අමෙරිකා සහ ඊශ්‍රායල සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (02) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවති හමුවකදීය.
මෙය ඉතා ගැඹුරු ගැටලුවක් බවත් එම ක්‍රියාපිළිවෙත ශ්‍රී ලංකාවට යහපත් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසිය.
''ලංකාවේ ඉන්දන ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ''
එමෙන්ම ඉරානයේ පවතින යුදමය වතාවරණය මැද ඉරාන ඉන්ධන සැපයුම අඩපන වීම තුලින් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් සිදු නොවන බව ද ඔහු කියා සිටියේය.
ඒ කෙසේ වෙතත් ඉරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රවාහන කටයුතු අඩපන කළහොත් එය විශාල ගැටලුවක් විය හැකි යයි ඔහු සඳහන් කළේය.
"ඉරානයේ තෙල් නැති වුණා කියලා විශාල හිඟයක් වෙන්නේ නෑ. අනික් රටවල් ඊට වඩා තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉරානය විසින් ඒ අසලින් එන තෙල් නැව්වලට බොම්බ දැමීමකින් නැව් නැවැත්තුවොත් ඒක විශාල ප්‍රශ්නයක්. දැනට ඒක සිදුවෙලා නෑ. ''
'' ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලයත් එක්ක එකතුවෙලා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්න. කෙසේ හෝ ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විස්ටර්ලන්තයයි නොර්වේ එහෙම කියන්නනේ මේක ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අනුව සුදුසු නැහැ කියලා. ''
'' ට්‍රම්ප් ජනාධිපති බලන්නේ එයා කැමති විදියට ලෝකේ වැඩකටයුතු කරගෙන යන්න. එත් මේක අපිට හොඳ නෑ. , මේක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්..."




