The Leader News
BREAKING
Top Ad
පුවත්

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ විශේෂ අවධානය

T

The Leader Desk

March 2, 2026 • 3:42 PM

 මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ විශේෂ අවධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධ වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහාත්, මෙරට තුළ සිටින විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.
  • එම කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, එහෙත් මේ වන විට කඩිනමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • එමෙන්ම විදෙස් කටයුතු අමාත්‍යංශය හරහා 0094 742595546 දුරකතන අංකය සහ 1989 ක්ෂණික දුරකතන සේවාව හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි

 මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධ වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහාත්, මෙරට තුළ සිටින විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

එම කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, එහෙත් මේ වන විට කඩිනමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම විදෙස් කටයුතු අමාත්‍යංශය හරහා 0094 742595546 දුරකතන අංකය සහ 1989 ක්ෂණික දුරකතන සේවාව හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ විශේෂ අවධානය | The Leader