The Leader News
BREAKING
Top Ad
පුවත්

බොර තෙල් මිල ඉහළ යාම ලංකාවට දැනෙන්නේ මාස දෙකකින්

T

The Leader Desk

March 3, 2026 • 3:59 AM

බොර තෙල් මිල ඉහළ යාම ලංකාවට දැනෙන්නේ මාස දෙකකින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව කියා සිටියේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
  • ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිල ලංකාවට කොතරම් කාලයකින් බලපාන්නේද යන්න සම්බන්ධව මාධ්‍යවේදියෙකු කරන ලද විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.
  • බොර තෙල් මිල පසුගිය මාසය ඇතුළත ක්‍රමයෙන් ඉහළ ගිය බවද, පසුගිය වසරක පමණ කාලය ගත්විට බොර තෙල් සඳහා වැඩිම මිලක් වාර්තා වූ බවද ඔහු කීවේය.
  • ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම ලංකාවට දැනෙන්න තවත් මාසයක් දෙකක් ගතවනු ඇතැයිද, මේ මාසයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (03 වැනිදා) දිනයේදී විශ්ලේෂණය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව කියා සිටියේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිල ලංකාවට කොතරම් කාලයකින් බලපාන්නේද යන්න සම්බන්ධව මාධ්‍යවේදියෙකු කරන ලද විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

බොර තෙල් මිල පසුගිය මාසය ඇතුළත ක්‍රමයෙන් ඉහළ ගිය බවද, පසුගිය වසරක පමණ කාලය ගත්විට බොර තෙල් සඳහා වැඩිම මිලක් වාර්තා වූ බවද ඔහු කීවේය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම ලංකාවට දැනෙන්න තවත් මාසයක් දෙකක් ගතවනු ඇතැයිද, මේ මාසයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (03 වැනිදා) දිනයේදී විශ්ලේෂණය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

මැද පෙරදිග විශාලම පිරිපහදුවට ප්‍රහාරයක්

ඇමරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය දියත් කළ ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස, සෞදි අරාබියේ රාජ්‍ය තෙල් දැවැන්තයා ලෙසින් හැඳින්වෙන ඇරම්කෝ (Aramco) සමාගම, සිය රස් තනුරා (Ras Tanura) පිරිපහදුව වසා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිරිපහදුව වෙත ඊයේ (02වැනිදා) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව මෙම පියවර ගත් බව ක්ෂේත්‍ර ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

සෞදි අරාබියේ ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මැදපෙරදිග පවතින විශාලතම පිරිපහදු මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වෙන අතර, එහි දිනකට බොරතෙල් බැරල් 550,000ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වේ.

රස් තනුරා සංකීර්ණය සෞදි බොරතෙල් ලෝක වෙළෙඳපොළට යැවීමේ ප්‍රධානතම අපනයන පර්යන්තයක් ලෙසද ක්‍රියා කරයි.

සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යාංශය පැවසූයේ, එරට රාජ්‍ය තෙල් සමාගමක් වන ඇරම්කෝ විසින් පවත්වාගෙන යනු ලබන රාස් තනුරා පිරිපහදුවේ ඇතිවූ සුළු ගින්නක් පාලනය කර ඇති බවයි.

සෞදි මාධ්‍ය ඒජන්සිය නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වුණේ, පිරිපහදුව අවට ඩ්‍රෝන යානා දෙකක් විනාශ කිරීම හේතුවෙන් පිරිපහදුවට වැටෙන සුන්බුන්වලින් සුළු හානියක් සිදුවී ඇති බවයි. හදිසි සේවා මගින් ගින්න වහාම මැඩපැවැත්වූ බවත්, කිසිදු තුවාලයක් හෝ මරණයක් සිදු නොවූ බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක්

මේ අතර කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) කාර්මික නගරයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ ඒ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි. මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් නැතැයිද එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත.

කටාර්හි මොසායිඩ් ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයකට අයත් ජල ටැංකියක් ඉලක්ක කර ගනිමින් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර කටාර් එනර්ජි (Qatar Energy) සමාගමට අයත් බලශක්ති මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් දෙවන ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරවලින් සිදුවූ දේපළ හානි සහ අනෙකුත් අලාභහානි සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන පවත්වමින් සිටින බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...