The Leader News
BREAKING
Top Ad
පුවත්

ගෑස් මිළ වැඩිවීමේ අවදානමක් !

T

The Leader Desk

March 3, 2026 • 4:14 AM

ගෑස් මිළ වැඩිවීමේ අවදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් සඳහන් කරති.
  • ඒ අනුව ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇතැයි ද ඔවුහු පවසති.
  • මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම කියා සිටී.
  • කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් සඳහන් කරති.

ඒ අනුව ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇතැයි ද ඔවුහු පවසති.

මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම කියා සිටී.

කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග ආතතීන්ට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළවල ගෑස් මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.

එක්සත් රාජධානියේ, අප්‍රේල් මාසයේදී බෙදා හැරීම සඳහා වන ස්වාභාවික ගෑස් මිල 42% කින් ඉහළ ගොස් ඇත.

කටාර් යනු ද්‍රව ස්වාභාවික ගෑස් අපනයනය කරන ප්‍රධාන රටක් වන අතර ඔවුන්ගේ දායකත්වය ගෝලීය සැපයුම්වලින් පහෙන් එකක් පමණ වේ - මෙයින් වැඩි ප්‍රමාණයක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදෙන් ප්‍රවාහනය කෙරේ.

 කටාර් රාජ්‍යය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නවතා දමයි

ඉරානයෙන් තම මධ්‍යස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නතර කළ බව කටාර්හි රජයට අයත් බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි (QatarEnergy) සමාගම පවසයි.

ප්‍රහාරයට ලක් වූ මධ්‍යස්ථාන වන්නේ වෙරළබඩ ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් සහ කටාර්හි ස්වාභාවික ගෑස් නිෂ්පාදනය සඳහා තවත් ප්‍රධාන ස්ථානයක් වන මෙසායිඩ්.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව , රුසියාව හා කටාර් රාජ්‍යය ලොව ප්‍රමුඛතම ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කරන රටවල් වේ.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෑස් මිළ වැඩිවීමේ අවදානමක් ! | The Leader