The Leader News
BREAKING
Top Ad
පුවත්

ජි. එල් පීරිස් ගෙන් ජනපතිට ලිපියක්

T

The Leader Desk

March 3, 2026 • 8:43 AM

ජි. එල් පීරිස් ගෙන් ජනපතිට ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හුවාදක්වමින් මහාචාර්ය ජී.
  • එල් පිරීස් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමුකරණ ලෙසටය.
  • ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළටද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත්, දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඔහු පෙන්වා දී ඇත.
  • මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ වැනි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්‍රවේශ වීම අහිමි වී යා හැකි බවත් එමගින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් හුවාදක්වමින් මහාචාර්ය ජී. එල් පිරීස් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමුකරණ ලෙසටය.

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළටද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත්, දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඔහු පෙන්වා දී ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ වැනි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්‍රවේශ වීම අහිමි වී යා හැකි බවත් එමගින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බවත් එම ලිපියේ සඳහන් වේ.

එමෙන්ම පවතින ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගල්ෆ් කලාපයෙන් පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් විශාල වශයෙන් මේ වන විට, වෙන් කරවාගත් නවාතැන් පහසුකම් ද අවලංගු කරමින් සිටින වාතාවරණයක සංචාරක හෝටල් ක්ෂේත්‍රයට එයින් දැනටමත් බලපෑම එල්ල වී ඇති බව මහාචාර්ය වරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

තවද සමස්ත ගල්ෆ් කලාපය පුරා සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින්,
gl5684678

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...