The Leader News
BREAKING
Top Ad
පුවත්

අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු! | පෙරටුගාමී සමාජවාදී පක්ෂය

T

The Leader Desk

March 4, 2026 • 7:50 AM

අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු! | පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
  • ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්‍රහාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස හෙලා දකියි.
  • ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, සහ එවැනි න්‍යෂ්ටික අවි පැවතීම පිළිබඳව පිළිගත හැකි සාධක නොමැති තත්ත්වයක් තුළ න්‍යෂ්ටික අවි පිලිබඳ චෝදනා කරමින් මෙලෙස දෙවන වතාවටත් පහරදීම ජාත්‍යන්තර නීති සහ සම්මුති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
  • මේ එලෙස සාකච්ඡා අතරතුර එල්ල කරන ලද දෙවන ප්‍රහාරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මතු පළවේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්‍රහාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස හෙලා දකියි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, සහ එවැනි න්‍යෂ්ටික අවි පැවතීම පිළිබඳව පිළිගත හැකි සාධක නොමැති තත්ත්වයක් තුළ න්‍යෂ්ටික අවි පිලිබඳ චෝදනා කරමින් මෙලෙස දෙවන වතාවටත් පහරදීම ජාත්‍යන්තර නීති සහ සම්මුති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මේ එලෙස සාකච්ඡා අතරතුර එල්ල කරන ලද දෙවන ප්‍රහාරයයි.

වැඩෙන අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයත්, දිනෙන්දින ගිලිහී යන ආර්ථික ආධිපත්‍යය රැක ගැනීම සඳහා සිය යුද බලය අත්තනෝමතික ලෙස යොදා ගැනීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සැලසුමත් විසින් ලෝකය ලේ ගංගා වල ගිලී යාමේ අනතුරක් උද්ගත කර තිබේ. මෙම ප්‍රහාරයේ ආරම්භක මොහොතේම ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් සිය ගණනක් දැරියන් මියයාම සංකේතවත් කරන්නේ මෙම යුද්ධයේ  ම්ලේච්ඡ ස්වභාවය වේ. . මෙම ප්‍රහාර දේශපාලන නායකයින් සහ හමුදාවල ඉහල නිලධාරීන් ඉලක්ක කරගත් ඝාතන ස්වරූපයක් ගෙන ඇති අතර, ඒ සමඟම සිදුවන දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ දරුණු සිවිල් ජීවිත හානි සිදුවී ඇත.

 vw46uwyhghfgghj

ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් සිය ගණනක් දැරියන් මියයාම සංකේතවත් කරන්නේ මෙම යුද්ධයේ  ම්ලේච්ඡ ස්වභාවයයි  

 

සෝවියට් දේශය ප්‍රමුඛ කඳවුර බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය තනි ලෝක බලවතා වූ ඒක ධ්‍රැවීය තත්වයක් ඔවුන් අපේක්ෂා කලද එය ඉතාම කෙටිකාලීන විය. ඉතා ඉක්මනින් ලෝකය බහු ධ්‍රැවීය ලෝකය ලෝකය තුළ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය උත්සන්න වෙමින් පවතින අතර ට්‍රම්ප් පාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව තීරු බදු ප්‍රතිපත්ති, වෙළඳ යුද්ධයන්, යුක්‍රේනයේ - පලස්තීනයේ - වෙනිසියුලාවේ - ඉරානයේ ආක්‍රමණික සිදුවීම් එම අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධයේ පරාවර්තනයන්ය.

 ඒකාධිකාර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් දියත් කරනු ලබන අධිරාජ්‍යවාදී යුද්ධය ලෝකයටම විනාශය කැඳවමින් සිටින අතර පළමු පියවරේදීම මනුෂ්‍යත්වය අවදානමට ලක් කර ඇත. එමෙන්ම න්‍යෂ්ටික බලවතුන් අතර වර්ධනය වන යුද ආතතිය විසින් මිනිස් වර්ගයාගේ සහ සමස්ත මිහිතලයේමත් පැවැත්ම අවදානමේ හෙලා තිබේ.

මෙම තත්ත්වය තුළ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර පරිමාණයේ ජනතා බලයක් ගොඩනැගීම මෙන්ම එයට වැඩකරන ජනතාවගේ නායකත්වයක් තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්ව පවතී.

 

ඉරාන පාලක පන්තියේ අතිශය මර්දනීය සහ ආගමික මූලධර්මවාදී පාලනය හුවා දක්වමින් ඉරානයට එරෙහිව සිදු කරනු ලබන අධිරාජ්‍යවාදී ප්‍රහාරය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. ඉරාන පාලන තන්ත්‍රය වෙනසක් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ඉරාන ජනතාව වන අතර ජනතාවගේ ප්‍රජාතාන්තවාදය දිනාගොනීමේ අභිලාෂයන් අධිරාජ්‍යවාදී උවමනාවන් වෙනුවෙන් අවභාවිතා කිරීම අපි තරයේ හෙලා දකිමු.

 

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක්‍රමණ සහ යුදමය ප්‍රහාර හරහා කිසිදු රටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා නොදෙන බවත් සිදුවන්නේ ඊට ප්‍රතිපක්ෂව ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් වඩවඩාත් හැකිලීම බව අප හොඳින්ම දනිමු. අධිරාජ්‍යවාදීන් උත්සාහ ගන්නේ ඉරාකය, සිරියාව, යේමනය ආදී රාජ්‍ය මෙන්ම ඉරානයද යටත් කර සිය මූලෝපායික අවශ්‍යතා ඉටු කර ගැනීමට මිස ඉරාන ජනතාවට අයිතීන් ලබාදීමට නොවේ.

පෙර සඳහන් කළ අනෙකුත් රටවල් මෙන්ම මෙම ආක්‍රමණය පරාජය කළ නොහැකි වුවහොත් ඉරානයද, කැබලි වීමේ, දේශපාලන අස්ථාවරත්වයේ, දිගුකාලීන සිවිල් යුද්ධ වල පැටලුනු සහ අධිරාජ්‍යවාදී රූකඩ රාජ්‍යයක් වීමේ ඉරණමට ගොදුරු වනු ඇත. එනිසා අධිරාජ්‍යවාදීන්ගේ උගුලට හසු නොවී, ඉරාන පාලක පන්තිය සමග වන ගනුදෙනුව බේරා ගැනීමට පුළුල් ජන බලයක් ගොඩනගන ලෙස අපි ඉරාන වැඩකරන පන්තිය ප්‍රමුඛ ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදී වියගසෙන් මිදීමට සහ තමන්ගේම රටේ පාලක පන්තියේ ආගමික එකාධිපතීත්වය පරාජය කිරීමට ජාත්‍යන්තර වැඩකරන ජනතාව වෙත හැරෙන ලෙස අපි ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එම නිසා;

1.ලෝකය තුළ සිය බලාධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, මූල්‍ය ධනවාදී ඒකාධිකාර වල අභිලාෂයන් උදෙසාත් දිගහැරෙන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වෙමු.

2.⁠ ⁠ඉරානයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කිරීමට බලකරමු. මෙම යුද්ධය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදෙමු.

3.මැදපෙරදිග කලාපය පුරා බිහිකර තිබෙන ඇමරිකා එක්සත් ජනපද මිලිටරි කඳවුරු වහා ඉවත් කිරීමට බලකරමු.

 මෙම ක්‍රියාමාර්ග සඳහා අධිරාජ්‍යවාදීන්ට මෙන්ම අධිරාජ්‍ය ගැති දේශීය පාලක පන්තියටද විරුද්ධව ස්වාධීන වැඩකරන ජනතාවගේ සහ නිර්ධන පන්තියේ බලයක් අවශ්‍ය වේ. ලෝක පරිමාණයෙන් එවැනි පුළුල් අධිරාජ්‍යවිරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙරට එන ලෙස අපි සමස්ත ලෝකවාසී වැඩකරන ජනයාගෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ලෝක පරිමාණ ක්‍රියාකාරීත්වය සමග එක්වන ලෙස අපි ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2026 මාර්තු 03

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...