The Leader News
BREAKING
Top Ad
පුවත්

හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි

T

The Leader Desk

March 4, 2026 • 10:26 AM

හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මේ දෙමළ කතා කරන ප්‍රජාවගේ විමුක්තිය කරා යන ගමනට මාධ්‍යවේදීන්ගේ දායකත්වය අමතක කරන්න බැහැ.
  • ඒ සමඟම, අසාධාරණ ලෙස ඝාතනයට ලක් වූ බොහෝ මාධ්‍යවේදීන් ගැන සිතන විට, මේ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් එක දෙයයි කිව හැක්කේ.
  • දශක හතරක ජනමාධ්‍ය දිවිය නිමාවේ 2025 පෙබරවාරි මාසයේදී අවසන් හුස්ම හෙළන විට 63 වැනි වියේ පසුවු රාජනායගම් පත්තර කලාවට පිවිසුනේ යාපනයේ පලකළ ඊළමුරසු පුවත්පතිනි.
  • එතනින් මුරසෝලි හා ඊලනාඩු වෙත ගිය භාරතී තිනක්කුරල් සහ විරකේසරී යන පුවත්පත් වල කර්තෘත්වයද දරා ඇති අතර මිය යන විට ඔහු යාපනය ‘වීරකේසරී’ පුවත් පත් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


"මේ දෙමළ කතා කරන ප්‍රජාවගේ විමුක්තිය කරා යන ගමනට මාධ්‍යවේදීන්ගේ දායකත්වය අමතක කරන්න බැහැ. ඒ සමඟම, අසාධාරණ ලෙස ඝාතනයට ලක් වූ බොහෝ මාධ්‍යවේදීන් ගැන සිතන විට, මේ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් එක දෙයයි කිව හැක්කේ. මාධ්‍ය ආයතන සහ දේශපාලනඥයන් වෙනුවෙන් බොහෝ කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා. මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ විමර්ශනය කිරීම සඳහා අපට කොමිසමක් අවශ්‍යයි. ඒ සඳහා සියලු ජනවාර්ගික කණ්ඩායම් සඳහා වෙනම කොමිසමක් පිහිටුවිය යුතුය."

 B 260304

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මේ රටේ ජනවාර්ගික ගැටලුවේ විශාලතම අපරාධයක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා සදහන් කළේ මීට වසරකට ඉහතදී අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ජීවිතයෙන් සමුගත්  ජ්‍යෙෂ්ට දෙමළ මාධ්‍යවේදී රාජනායගම් භාරතී සිහි කරමින් වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ පැවැති අනුස්මරණ සභාව අමතමිනි.

 

දශක හතරක ජනමාධ්‍ය දිවිය නිමාවේ 2025 පෙබරවාරි මාසයේදී අවසන් හුස්ම හෙළන විට 63 වැනි වියේ පසුවු රාජනායගම් පත්තර කලාවට පිවිසුනේ යාපනයේ පලකළ ඊළමුරසු පුවත්පතිනි.

එතනින් මුරසෝලි හා ඊලනාඩු වෙත ගිය භාරතී තිනක්කුරල් සහ විරකේසරී යන පුවත්පත් වල කර්තෘත්වයද දරා ඇති අතර මිය යන විට  ඔහු යාපනය ‘වීරකේසරී’ පුවත් පත් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

යුද සමයේ දී උතුරු නැගෙනහිර පළාත් වලට අමතරව කොළඹ අගනගරයේ ද සාමාන්‍ය වැසියන් මෙන්ම මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, මරා දැමීම් හා  මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් කළ මාධ්‍යවේදියකු ලෙස රාජනායගම් භාරතී ප්‍රකටය.

 b1


ඔහුගේ පළමු අනුස්මරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් තව දුරටත් සදහන් කර තිබුනේ පසුගිය වසර දෙක තුළ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය වී තිබුනේ පලස්තීනයේ වන නමුත් ඊට පෙර එම වාර්තාවට ශ්‍රී ලංකාව හිමිකම් කී බවයි.

 

"පසුගිය වසර දෙක තුළ, වැඩිම මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ පලස්තීනයේ. නමුත් ඊට පෙර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පළමු ස්ථානයේ සිටි රටක්. ඒ නිසා මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පිහිටුවිය යුතුයි."

 

මාධ්‍යවේදීන් 44 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

 

b3
පසුගිය අඩසියවසක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විමර්ශනය සදහා ජනාධිපති  කොමිසමක් පත් කිරීම මගින්, එම ඝාතන පිටු පස තිබු කුමන්ත්‍රණ හෙළි කර කර අලුත් ඉතිහාසයක් ලියන්නට හැකි වෙතැයි  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා එහිදී විශ්වාසය පළ කර තිබුනි.

"අද වන විට, බුද්ධි සේවයේ සියලුම ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. මේ පිටුපස ඇති කුමන්ත්‍රණ මොනවාද සහ පාස්කු බෝම්බ ප්‍රහාර පිටුපස සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර, පසුගිය දශක හතරක් හෝ පහක් තුළ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන එක අවශ්‍යයි. ඒ හරහා මහා ඉතිහාසයක් ලියවෙයි. ඒ පිටුපස ඇති කුමන්ත්‍රණ හෙළිදරව් වේවි."

 

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ යන මාධ්‍යවේදීන්ගේ ඝාතනය ඇතුළු ‘එම්බ්ලමැටික් කේසස් ’නමින්, නඩු කිහිපයක් විමර්ශනය කරමින් සිටින බව 2024 ඔක්තෝබර් මාසයේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින්  එවකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  විජිත හේරත් පවසා තිබුනත් එම ඝාතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල ප්‍රගතීය ආණ්ඩුව හෝ පොලිසිය ඇතුළු රාජ්‍ය විමර්ශන ආයතන හෝ මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හකීම්, භාරතී සමරුවේදී මාධ්‍යවේදී ඝාතන සොයන්න කොමිසමක් ඉල්ලයි | The Leader