The Leader News
BREAKING
Top Ad
පුවත්

දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු

T

The Leader Desk

March 4, 2026 • 12:04 PM

දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි." "අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි.
  • ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්.
  • කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි."

"අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්."

"මළ සිරුරු කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුරු නෞකාවේ සේවකයින්ගේ බවට අපි සැක කරනවා."

මෙම මාධ්‍ය හමුවේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...