එම ඉරාන නෞකාවේ 300කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුනට ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර දෙන ලෙස කොළඹ ඉරාන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර මෙතෙක් ඊට අනුමැතිය නොලැබුන බව පැවසේ.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ පිළිබඳව ඔහුව දැනුවත් කර ඇත.
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ඊයේ (04) 'අනතුරට' ලක්වූ අතර එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඊයේ ප්‍රකාශ කලේ ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවයි.




