ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසුරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක එබව සඳහන් වේ.
''මේ නඩුවෙන් රනිල් හිරේ යනවාද නිදහස් වනවාද යන්න සම්බන්ධයෙන් තමන් තුළ විශේෂ උනන්දුවක් නැති බව ද, තමන් විශේෂයෙන් උනන්දු වන්නේ මෙවැනි කාරණයක දී ජනාධිපතිවරයකුගේ පොදු හා පෞද්ගලික කටයුතු ලෙස අධිකරණයෙන් අර්ථ නිරූපණය වන්නේ මොනවාද යන්න පිළිබඳව බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.''
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැති මේ සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරයා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, නීතිපති ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිට ඇත.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසුරිය ගේ ෆේස්බුක් සටහන කිසිඳු සංශෝධනයකින් තොරව මතු පළකර තිබේ.
"මට ඔය ගෑනිව පේන්ඩ බෑ..." ජනපති හමුවේ ම, නීතිපතිගේ කකුල ආයෙත් කටේ!
"මට ඔය ගෑනිව පේන්ඩ බෑ..." අමාත්‍යවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් හා ඉහළ පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගිත්වය සහිතව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති සාකච්ඡාවකදී මේ අනපේක්ෂිත වචන එළියට පැන ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ (කණිෂ්ඨ)ගේ මුවිනි.
රටේ විධායක ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවැනි නිල සාකච්ඡාවකට කිසිසේත් නොගැලපෙන "පේන්ඩ බැරි ගෑනි" වැනි ග්‍රාම්‍ය නාමකරණයක් නීතිපතිවරයා භාවිත කර ඇත්තේ, ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන හැඳින්වීමට ය.
නීතිපතිට “පේන්ඩ බැරි ගෑනි…”
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහට අදාළ නඩුකටයුත්ත සම්බන්ධයෙන් කතාබහක් ඉස්මත්තට පැමිණ තිබේ. එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමන් බලාසිටින්නේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පිළිතුරු පැමිණෙන තුරු බව යි.
ඒ අවස්ථාවේ දී, විශ්වවිද්‍යාලයේ පිළිතුර කුමක් වුවත් අදාළ ආරාධනය නිල ආරාධනයක් ලෙස සැලකීමට හැකියාවක් නොමැති බව ලන්ඩනයේ හිටපු මහකොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන ඇතුළු පිරිසගේ කටඋත්තරවලින් හෙළිවන බවට පළවූ අදහසකට පිළිතුරක් ලෙස නීතිපතිවරයාගෙන් ඉහත වදන් පිටවී ඇත.
ඔහු දරන වගකිව යුතු තනතුරට පමණක් නොව එවැනි රාජකාරිමය සාකච්ඡා අවස්ථාවකට ද කිසිසේත් නොගැලපෙන ඒ සඳහන රැස්ව සිටියවුන්ගේ විමතියට පමණක් නොව සඟවාගැනීමට අපහසු වූ සිනාවට ද හේතු වී තිබේ.
කවුද මේ සරෝජා සිරිසේන
සරෝජා සිරිසේන යනු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ලන්ඩන් හා වුල්වර්හැම්ප්ටන් සංචාරයට අදාළ නඩුවේ තීරණාත්මක ම සාක්ෂිකාරිය ලෙස හැඳින්විය හැකි ය. රනිල්ට එරෙහි සීඅයිඩී විමර්ශනයේ දී විවිධ පැතිවලින් එල්ල වූ ඉහළ දේශපාලන බලපෑම් හා ඉල්ලීම් නොතකා තමන් දන්නා සත්‍ය කරුණු හෙළිකිරීමට ඇය කටයුතු කර ඇති බව විමර්ශන උදෘත දෙස විමසිල්ලෙන් බැලීමේ දී පැහැදිළි වේ. ඇගෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගන්නා අවස්ථාවේ දී පවා මෙරට හිටපු දේශපාලන ප්‍රබලයන් වන ටිරාන් අලස් හා රෝහිත බෝගොල්ලාගම වැන්නන් වෙතින් ඇයට එල්ලවූ බලපෑම් ගැන අපි මීට පෙර හෙළිදරව් කළෙමු.
එහෙත් ඒ බලපෑම්වලට නතු නොවෙමින් සරෝජා සිරිසේන ලබාදුන් ප්‍රකාශයට අනුව, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය නිල රාජ්‍ය තාන්ත්‍රික ආරාධනයක් නොවන අතර, ඊට හේතුව වන්නේ එය නිල ආරාධනයක් ලැබිය යුතු පිළිගත් ක්‍රම වේදයට අනුකූලව ලැබී නොතිබීම ය.
එහෙත් මේ සම්බන්ධයෙන් නීතිපති වරයාගේ පෞදිගලික මතය වන බව පෙනෙන්නේ, ආරාධනය නිල එකක්ද නැතිද යන්න සම්බන්ධයෙන් MLA ක්‍රමය ඔස්සේ විශ්වවිද්‍යාලයෙන් විමසීමක් කර පිළිතුරක් ලබාගත යුතු බවය.
කෙසේ නමුත් මේතාක් හෙළිවී ඇති කරුණු අනුව, රටේ රාජ්‍ය නායකයාට නිල ආරාධනාවක් ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයට අනුව මේ කියන ආරාධනය ලැබී නොමැති බැවින්, විශ්වවිද්‍යාලයෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම අවශ්‍ය නොවන බව විමර්ශකයන්ගේ සහ මේ නඩු කටයුත්තට අදාළව වගකීම් දරන නීතිපති දෙපාර්තමේන්ත්වේ සෙසු නීතිවේදීන්ගේ මතය බව අපට වාර්තා වේ.
ලිස්සා යන වචනවලින් කියැවෙන සත්‍යය?
රජය නියෝජනය කරමින් මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවීමේ කටයුත්ත භාරව සිටින නීතිපතිවරයාගේ ප්‍රකාශයේ සැබෑ හැඟවුම ලෙස අපට පෙනෙන්නේ අන් කිසිවක් නොව, පැමිණිල්ල වෙනුවෙන් අතිශය වැදගත් ප්‍රකාශයක් ලබාදී ඇති, ප්‍රධාන සාක්ෂිකාරිය සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන්නාගේ කිසිදු වෘත්තීය භාවයක් නොමැති අතිශය පෞද්ගලික හා අධානග්‍රාහී පූර්ව විනිශ්චය යි.
එසේ ම, අපගේ අවබෝධයට අනුව මේ ‘වචන ලිස්සා යාමෙන්’ පවා නැවත නැවතත් පැහැදිළිව හෙළිදරව් වන්නේ රනිල් වික්‍රමසිංහට අදාළ නඩුකටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පෞද්ගලික ස්ථාවරයේ ඇති අතිශය ගැටලුකාරී ස්වභාවය හා ළබැඳියා අතර ගැටුමේ ඔහු කරවටක් එරී ඉන්නා ආකාරය යි.
නඩුව ගැන ජනපති මතය හා අපේ මතය
රනිල් වික්‍රමසිංහට අදාළ නඩුකටයුත්ත සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මේ සාකච්ඡාවේ දී දක්වා ඇත්තේ, අප ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම දරන ලද ස්ථාවරයට බෙහෙවින් සමාන අදහසක් බව පෙනෙන්නට තිබේ.
මේ නඩුවෙන් රනිල් හිරේ යනවාද නිදහස් වනවාද යන්න සම්බන්ධයෙන් තමන් තුළ විශේෂ උනන්දුවක් නැති බව ද, තමන් විශේෂයෙන් උනන්දු වන්නේ මෙවැනි කාරණයක දී ජනාධිපතිවරයකුගේ පොදු හා පෞද්ගලික කටයුතු ලෙස අධිකරණයෙන් අර්ථ නිරූපණය වන්නේ මොනවාද යන්න පිළිබඳව බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැති මේ සාකච්ඡාවට අධිකරණ අමාත්‍යවරයා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, නීතිපති ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිට ඇත."(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...




