The Leader News
BREAKING
Top Ad
පුවත්

අප්‍රේල්, ජුනි, ජූලි විදුලි අර්බුදයක් ඇතිවිය හැකියි ! - 'අනිද්දා' පුවත් සිරස්තලය

T

The Leader Desk

March 6, 2026 • 11:44 AM

අප්‍රේල්, ජුනි, ජූලි විදුලි අර්බුදයක් ඇතිවිය හැකියි ! - 'අනිද්දා' පුවත් සිරස්තලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍ය තත්ත්වයන් යටතේ, විදුලි ඉල්ලුම පිළිවෙළින් මෙගාවොට් 3030, 3070 සහ 3000 දක්වා ළඟා වුවහොත් අප්‍රේල්, ජූනි සහ ජූලි මාසවලදී ජනන ධාරිතාවේ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතී.
  • (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම රාත්‍රී ඉල්ලුම 2026 පෙබරවාරි 25 දින වාර්තා වූ මෙගාවොට් 2949 කි).
  • එමෙන්ම, බලාගාරය ස්ථාවරව සහ ආරක්ෂිතව පවත්වා ගෙන යාම සඳහා ලක්විජය බලාගාරයේ ජනන ධාරිතාව තවදුරටත් අඩු කිරීමට සිදු වුවහොත්, මෙම ජනන ධාරිතා හිඟයේ අවදානම තවදුරටත් ඉහළ යනු ඇත.' යනුවෙන් වාර්තාව ඒ ගැන විස්තර කරයි.
  • විදුලි උත්පාදනය සඳහා භාවිත කරනු ලබන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු නිසා ලක්විජය බලාගාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බවද වාර්තාවේ සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සාමාන්‍ය තත්ත්වයන් යටතේ, විදුලි ඉල්ලුම පිළිවෙළින් මෙගාවොට් 3030, 3070 සහ 3000 දක්වා ළඟා වුවහොත් අප්‍රේල්, ජූනි සහ ජූලි මාසවලදී ජනන ධාරිතාවේ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතී. (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම රාත්‍රී ඉල්ලුම 2026 පෙබරවාරි 25 දින වාර්තා වූ මෙගාවොට් 2949 කි).


තවද, පවතින ඒකක/බලාගාර අතුරින් එක් ගල්අඟුරු ඒකකයක් හෝ එක් ප්‍රධාන බලාගාරයක් අක්‍රිය වුවහොත්, විශේෂයෙන් අප්‍රේල්, ජූනි සහ ජූලි මාසවල රාත්‍රී උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ජනන ධාරිතාව මදිවීමේ දැඩි අවදානමක් පවතී.

එමෙන්ම, බලාගාරය ස්ථාවරව සහ ආරක්ෂිතව පවත්වා ගෙන යාම සඳහා ලක්විජය බලාගාරයේ ජනන ධාරිතාව තවදුරටත් අඩු කිරීමට සිදු වුවහොත්, මෙම ජනන ධාරිතා හිඟයේ අවදානම තවදුරටත් ඉහළ යනු ඇත.' යනුවෙන් වාර්තාව ඒ ගැන විස්තර කරයි.

චෝදනාවට ලක්වී ඇති ට්‍රයිඩන්ට් චෙෆාර් ලිමිටඩ් ආයතනය මේ දක්වා සපයා ඇති ගල් අඟුරු තොග 9ක් නිසා ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඇති වූ ගැටලු, එහි සෘජු මූල්‍ය බලපෑම, ඇති විය හැකි පාරිසරික බලපෑම් හා බාධාවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාමේ අවදානම යන කරුණු පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද එම වාර්තාව, පසුගියදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදි.

 

විදුලි උත්පාදනය සඳහා භාවිත කරනු ලබන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු නිසා ලක්විජය බලාගාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බවද වාර්තාවේ සඳහන් කර ඇත. එම ගල් අඟුරු භාවිත කරන විට නොරොචෝල ලක්විජය බලාගාරයට එහි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වී ඇති බවත් වාර්තාවේ සඳහන් කර ඇත.

 

එම ගල් අගුරු තොග රැගත් නැව් පැමිණීමේදී සති තුනක පමණ ප්‍රමාදයක් පවතින බවද කොමිෂන් සභාවට නිරීක්ෂණය වී ඇති අතර මෙම ප්‍රමාදය දිගින් දිගටම පැවතුණහොත්, මෙම වාරය තුළ (මැයි මැදට පෙර) ගල් අඟුරු තොග 2-3ක් ගොඩ බෑමට නොහැකි වීමේ අවදානමක් පවතියි.

කෙසේ වෙතත්, වත්මන් සැපයුම්කරුගෙන් ලැබිය යුතු නැව් තොග 25ම මෙම වාරය තුළ ගොඩබෑමට හැකි වුවත්, පවතින ගල්අඟුරු තොගය 2026 ඔක්තෝබර් 02 දක්වා පමණක් බලාගාරය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වන බවද කොමිසම සිය වාර්තාවෙන් කියයි.

නැව් තොග 3ක් ගොඩබෑමට නොහැකි වුවහොත්, පවතින ගල්අඟුරු ප්‍රමාණවත් වන්නේ 2026 සැප්තැම්බර් 10 දක්වා පමණි. තවද, නැව් තොග 5ක් ගොඩබෑමට නොහැකි වුවහොත්, ගල්අඟුරු තොගය ප්‍රමාණවත් වන්නේ 2026 අගෝස්තු 27 දක්වා පමණි.

මේ වාර්තාවේ පරිවර්තනයක් අද අනිද්දා පුවත්පතේ 4 වැනි පිටුවේ පළවෙයි.

(සටහන | රේඛා නිලුක්ෂි හේරත්)
උපුටා ගැනීම - සති අන්ත ජාතික පුවත්පත


මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්තාව මෙතනින් බලන්න

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...