The Leader News
BREAKING
Top Ad
පුවත්

පරිපාලන සේවයට පමණක් වෙන් කළ ‘සුපිරි තනතුරු’ ලේඛනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලශූන්‍ය කරයි - සියලුම සමස්ත ලංකා සේවාවන්ට සමාන අවස්ථා ලබාදීමට නියෝගයක් ලබා දෙයි

T

The Leader Desk

March 6, 2026 • 4:01 PM

පරිපාලන සේවයට පමණක් වෙන් කළ ‘සුපිරි තනතුරු’ ලේඛනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලශූන්‍ය කරයි -  සියලුම සමස්ත ලංකා සේවාවන්ට සමාන අවස්ථා ලබාදීමට නියෝගයක් ලබා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
  • ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ "A" උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී.
  • ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි "කීර්තිමත්" තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.
  • විනිසුරු යසන්ත කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමාණයක් වෙන් කරමින් නිකුත් කර තිබූ සේවා ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව, 2013 දෙසැම්බර් 23 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ "A" උපලේඛනය බලශූන්‍ය (Nullity) බවට අධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය යන සමස්ත ලංකා සේවාවන් නියෝජනය කරන නිලධාරීන් සහ සංගම් විසිනි. ඔවුන්ගේ ප්‍රධාන විවේචනය වූයේ අතිරේක ලේකම්, කොමසාරිස් ජනරාල් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි "කීර්තිමත්" තනතුරු රාශියක් පරිපාලන සේවයට (SLAS) පමණක් වෙන් කිරීම හරහා අනෙකුත් වෘත්තීය සේවාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.

විනිසුරු යසන්ත කෝදාගොඩ ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.

සේවාවන් අතර උස් පහත් භේදයක් නොමැත. ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ලංකා සේවා 11ම එකම ගණයට (Class) අයත් වන බවත්, පරිපාලන සේවය අනෙක් සේවාවන්ට වඩා උසස් හෝ විශේෂ සේවාවක් ලෙස සැලකීමට සාක්ෂි නොමැති බවත් අධිකරණය පෙන්වා දුන්නේය.

මෙම තනතුරු වෙන් කිරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ විෂය මූලික නිර්ණායකයක් (Objective Criteria) භාවිත කර නොමැති බවත්, එය අත්තනෝමතික ලෙස සිදු කර ඇති බවත් අධිකරණය නිගමනය කළේය.

 රජයේ තනතුරුවලට පත් කිරීමේදී පුද්ගලික හෝ සේවා මනාපයන් මත නොව, එම තනතුරට අවශ්‍ය නිපුණතාව (Competency) සහ දක්ෂතාව (Merit) මත පදනම් විය යුතු බව අධිකරණය අවධාරණය කළේය.


මෙම තීන්දුවත් සමඟ 2026 පෙබරවාරි 26 වෙනිදා සිට පරිපාලන සේවයට පමණක් වෙන් කර තිබූ තනතුරු ලේඛනය අවලංගු වේ. කෙසේ වෙතත්, දැනට පත් කර ඇති නිලධාරීන්ගේ නීත්‍යානුකූලභාවයට මෙයින් හානියක් සිදු නොවන බව අධිකරණය පැහැදිලි කළේය.


නඩු තීන්දුව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පහත නියෝග නිකුත් කරන ලදී.

1.  තීන්දුව ලබා දී වසර දෙකක් ඇතුළත, අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නව තනතුරු ලේඛනයක් (Appendix A) සකස් කළ යුතුය.

2.  එම ලේඛනය සකස් කිරීමේදී, එක් එක් තනතුරට අවශ්‍ය නිපුණතාවන් හඳුනාගත යුතු අතර, ඒ සඳහා සුදුසු ඕනෑම සමස්ත ලංකා සේවා නිලධාරියෙකුට ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසිය යුතුය.


මෙම ඓතිහාසික තීන්දුව මගින් මෙතෙක් කල් රාජ්‍ය සේවයේ පැවති එක් සේවාවක ඒකාධිකාරය බිඳ දමමින්, සියලුම වෘත්තීය නිලධාරීන්ට තම දක්ෂතාව මත ඉහළ තනතුරුවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර ඇත.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...