The Leader News
BREAKING
Top Ad
පුවත්

'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

T

The Leader Desk

March 6, 2026 • 4:32 PM

'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින අත්තනෝමතික ආකාරය සහ එම විමර්ශන පිටුපස ඇති දේශපාලනික න්‍යාය පත්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (මාර්තු 06) පාර්ලිමේන්තුවේදී බරපතල හෙළිදරව්වක් සිදු කළේය.
  • ඔහු පෙන්වා දුන්නේ, අධිකරණය ඉදිරියේ තවමත් සැකකරුවෙකු ලෙසවත් නම් කර නොමැති පුද්ගලයෙකුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දැඩි නීතියක් යටතේ දින 90ක් රඳවාගෙන සිටීම නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.
  • එපමණක් නොව, මෙම විමර්ශන මෙහෙයවනු ලබන්නේ පාලක පක්ෂයේ (ජාතික ජන බලවේගයේ) දේශපාලන ක්‍රියාකාරීන් විසින් බවද ඔහු ලිඛිත සාක්ෂි සහිතව සභාවට ඉදිරිපත් කළේය.
  • "මොන නඩුවටද දාන්නේ කියලා තවම හිතනවා" කී CIDය සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කිසිදු විරෝධයක් නොමැති වුවද, එය සිදුකරන අත්තනෝමතික ක්‍රියාපටිපාටිය තමා දැඩිව විවේචනය කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින අත්තනෝමතික ආකාරය සහ එම විමර්ශන පිටුපස ඇති දේශපාලනික න්‍යාය පත්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (මාර්තු 06) පාර්ලිමේන්තුවේදී බරපතල හෙළිදරව්වක් සිදු කළේය.

ඔහු පෙන්වා දුන්නේ, අධිකරණය ඉදිරියේ තවමත් සැකකරුවෙකු ලෙසවත් නම් කර නොමැති පුද්ගලයෙකුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දැඩි නීතියක් යටතේ දින 90ක් රඳවාගෙන සිටීම නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි. එපමණක් නොව, මෙම විමර්ශන මෙහෙයවනු ලබන්නේ පාලක පක්ෂයේ (ජාතික ජන බලවේගයේ) දේශපාලන ක්‍රියාකාරීන් විසින් බවද ඔහු ලිඛිත සාක්ෂි සහිතව සභාවට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"මොන නඩුවටද දාන්නේ කියලා තවම හිතනවා" කී CIDය

සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කිසිදු විරෝධයක් නොමැති වුවද, එය සිදුකරන අත්තනෝමතික ක්‍රියාපටිපාටිය තමා දැඩිව විවේචනය කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

මාර්තු 04 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී (නඩු අංක 35882/24) සිදුවූ දෙබසක් ඔහු සභාවට ඉදිරිපත් කළේය.

"විනිශ්චයකාරතුමා CID යෙන් අහනවා 'මේ පුද්ගලයාව සැකකරුවෙක් කරලද තියෙන්නේ?' කියලා. CID එක කියනවා 'නැහැ ස්වාමීනී' කියලා. මොන නඩුවටද ඔහුව සැකකරු කරන්නේ කියලා ඇහුවම, ඒ ගැන තවම හිතනවා කියලත් ඔවුන් කියනවා. එහෙනම් සැකකරුවෙක් නොවන පුද්ගලයෙක්ව අරන් ඇවිල්ලා කොහොමද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝගයකට යටත් කරන්නේ? මේක පැහැදිලිවම ත්‍රස්තවාදී මර්දන පනත උල්ලංඝනය කිරීමක්" යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පුතාට පියා බලන්නත් පොලිස් වාර්තා ඉල්ලයි!

හිටපු බුද්ධි ප්‍රධානී සලේ ව බැලීමට යන ඕනෑම අයෙකුට පොලිස් වාර්තාවක් (Police Clearance Report) ගෙන එන ලෙස CIDය දන්වා ඇති බවත්, අවුරුදු 21ක් වන ඔහුගේම පුත්‍රයාට තම පියා බැලීමට යාමට පවා පොලිස් වාර්තාවක් රැගෙන යාමට සිදුවී ඇති බවත් ඔහු හෙළි කළේය.

"තමන්ගේ පුතාට අවුරුදු 21යි. ඒ දරුවා අරන් එන්න ඕනේ පොලිස් වාර්තාවක් සලේ මහත්මයාව බලන්න. මේක ලංකාවේ තියෙන පුදුම නීතියක්" යැයි ඔහු විමතිය පළ කළේය.

නීතිඥ රහස්‍යභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ නීතිඥවරුන්ට තම සේවාදායකයා හමුවීමට සිදුවී ඇති බවත්, නීතිඥවරයෙකු තම සේවාදායකයා සමග කතා කරන දේවල් පොලිසිය සටහන් කරගැනීම නීතිඥ වෘත්තියට කරන දැඩි නිග්‍රහයක් සහ බාධාවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

"නීතිඥයෙක් එනවා නම් එන්න ඕනේ ඔහු බලාගෙන ඉන්නකොට කතා කරන්න. මේවා මොකක්වත් නෑ." යැයි පවසමින් ඔහු මෙම නීති විරෝධී ක්‍රියාව හෙළා දුටුවේය.

විමර්ශනවලට දේශපාලන අතපෙවීම්: මාලිමාවේ විශ්‍රාමික එකමුතුවෙන් මෙහෙයුමක්!

මෙම විමර්ශනවලට දැඩි දේශපාලන අතපෙවීම් සිදුවන බවට චෝදනා කරමින් ජයසේකර මන්ත්‍රීවරයා එක්තරා දිවුරුම් පෙත්සමක් සභාවට ඉදිරිපත් කළේය.

 අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වී නැතැයි ආණ්ඩු පක්ෂය විසින් මීට පෙර කළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී අභියෝගයට ලක් කළේය.

ජාතික ජන බලවේගයේ (NPP) විශ්‍රාමික එකමුතුවේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන පුද්ගලයින් මෙම විමර්ශනවලට සෘජුවම සම්බන්ධ වී සිටින බව අදාළ දිවුරුම් පෙත්සම මගින් තහවුරු වන බව ඔහු පැවසීය.

 "බොහොම පැහැදිලිව එතුමා සම්බන්ධ වෙලා හිටපු කාරණය පිළිබඳව අපි මේ දිවුරුම් පෙත්සම මම මේ ඉදිරිපත් කරේ. අපි කියන්නේ මේගොල්ලෝ වැඩ කරනවායි කියන එක නෙවෙයි. මේ දිවුරුම් පෙත්සමේ එතුමාම පිළිගන්නවා, ඒගොල්ලෝ ජාතික ජන බලවේගයේ දේශපාලන පක්ෂයේ විශ්‍රාමික එකමුතුවේ වැඩ කරනවා කියලා." යනුවෙන් ඔහු චෝදනා කළේය.

"ඔහුම පිළිගන්නවා ඔහු ඉදිරිපත් කරලා තියෙන දිවුරුම් පෙත්සමේ, ඔහු දේශපාලනය කරනවා කියලා. එහෙනම් කොහොමද මේ දේශපාලන පක්ෂෙකට සම්බන්ධ අය මේ විමර්ශන කරන්නේ?" යැයි ඔහු ආණ්ඩුවෙන් දැඩිව ප්‍රශ්න කර සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...