The Leader News
BREAKING
Top Ad
පුවත්

ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ අතර තීරණාත්මක සම්මුතියක්

T

The Leader Desk

March 7, 2026 • 3:42 AM

ස්වයංතීරණය හා පෙඩරල් ක්‍රමය ගැන දෙමළ පක්ෂ අතර තීරණාත්මක සම්මුතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තු 2 වැනිදා කොළඹදී ඔවුන් එම ඓතිහාසික එකඟතාවයට එළඹ ඇත්තේ දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවකදීය.
  • රත්නවේල්, ජනාධිපති නීතිඥ වී.
  • ඉහත සඳහන් එකඟතාවන්ට අනුව දෙමළ නීතිඥ සංසදය සහ දෙමළ දේශපාලන පක්ෂ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාමාර්ග අදියර කිහිපයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් ඒකමතිකව තීරණය කළ බව දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් කියා සිටි.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 මාර්තු 2 වැනිදා කොළඹදී ඔවුන් එම ඓතිහාසික එකඟතාවයට එළඹ ඇත්තේ දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජාතික පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවකදීය.

දෙමළ නීතිඥ සංසදය නිවේදනය කර ඇත්තේ “දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජනතාවගේ පරමාධිපත්‍යය සහ ස්වයං නීර්ණ අයිතිය වැනි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඇතුළත් ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වේ” යන පොදු තීරණය පිළිගනිමින්, එවැනි ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා දෙමළ සහ සිංහල ජනතාව අතර සමාජ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා වන කෙටුම්පතක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී තිරණය වු බවයි.

කොළඹ දී පැවැති එම සාකච්ඡාව සදහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, එම පෙරමුනේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන ශිවඥානම් ශ්‍රී ධරන් හා  තුරෙයිරාසා රවිහරන් සහභාගී වී තිබේ.

ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, ටෙලෝ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාරන් හා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන් ගුරුසාමි මෙන්ම  ඊ.පී.ආර්.එල්.එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙමළ නියෝජිතයන් පිරිසක් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එම සාකච්ඡාව සදහා සහභාගී වී ඇත.

දෙමළ නීතිඥ සංසදයේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස එම සාකච්ඡාව සදහා සහභාගී වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල්, ජනාධිපති නීතිඥ වී. පුවිදරන්, මහාචාර්ය ඒ. සර්වේශ්වරන්, නීතිඥ සුගන්ති රාජකුලේන්ද්‍රා, නීතිඥ වී.එස්. නිරංජන්, නීතිඥ ජී.කේ. රනිතා හා නීතිඥ එම්. ජූඩ් දිනේෂ් යන කණ්ඩායමකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් කළ යුතු ෆෙඩරල් පාලනය සඳහා වන මූලික අංගයන් ඇතුළත් විස්තරාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමටත් එම සාකච්ඡාවේදී  එහිදී තිරණය කර තිබේ.

දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ කොළඹදී පැවැති සාකච්ඡාව  සදහා සහභාගී වූ පක්ෂ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නියෝජිතයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉහත එකඟ වූ කරුණු මත අඛණ්ඩව එක්ව කටයුතු කිරීමටත්, මෙම හමුව පැවැත්වූ 2026 මාර්තු 2  දින සිට දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට අදාළ කරුණු සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කිසිදු සාකච්ඡාවකදී තනිව හෝ පක්ෂ පදනමින් කටයුතු නොකිරීමටත් එකඟතාවයකට පැමිණි බවයි.

ඉහත සඳහන් එකඟතාවන්ට අනුව දෙමළ නීතිඥ සංසදය සහ දෙමළ දේශපාලන පක්ෂ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාමාර්ග අදියර කිහිපයක් ඔස්සේ තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්  ඒකමතිකව තීරණය කළ බව දෙමළ නීතිඥ සංසදය වැඩි දුරටත් කියා සිටි. 

 tamil people pary
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...