The Leader News
BREAKING
Top Ad
පුවත්

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

T

The Leader Desk

March 7, 2026 • 5:04 AM

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි එම නිවස ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
  • යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
  • ඒ අනුව අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ලකර තිබේ.
  • බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර, මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු.
අකුරු ප්‍රමාණය (Font Size):


අද අලුයම 1:25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි එම නිවස ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩික්කරුවන විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ලකර තිබේ.

බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර, මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු. 125,000සක මුදලට කුලියට ලබාදී ඇති බවත් පැවසෙයි.

මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී මෙම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මෙම නිවසට 2025.12.15 දින හා 2025.12.24 යන දිනයන්වලදී ද මේ අයුරින්ම වෙඩිතබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක් | The Leader