The Leader News
BREAKING
Top Ad
පුවත්

සාවද්‍ය හා නොමඟ යවන සුළු පුවත් පතුරුවන්න එපා ! - බලශක්ති අමාත්‍යාංශය ඉල්ලයි

T

The Leader Desk

March 7, 2026 • 9:52 AM

සාවද්‍ය හා නොමඟ යවන සුළු පුවත් පතුරුවන්න එපා ! - බලශක්ති අමාත්‍යාංශය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනයේ සඳහන් වන පරිදි, නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍යය පරිදි සිදු වේ.
  • එබැවින් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස අදාළ සියලු දෙනාගෙන් බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවත් ආදී වශයෙන් වූ නොමග යවන සුළු හා සාවද්‍ය පුවත් සමහර මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ සඳහන් වන පරිදි, නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍යය පරිදි සිදු වේ. එමෙන්ම ඉතිරි සැපයුම් බාදාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති අතර අවශ්‍යය වී නම් හදිසි ගල් අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍යය දැවි තෙල් තොග පවතින තත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය.

එබැවින් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස අදාළ සියලු දෙනාගෙන් බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...